IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


HNB, LankaQR සඳහා වෙළෙඳ වට්ටම් අනුපාත ඉවත් කරයි

දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කර ඇත. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම මෙහි අරමුණයි.

2020 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ LankaPay එක්ව සිල්ලර ගෙවීම් නවීකරණය කිරීම සඳහා LankaQR ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. වෙළෙන්දන්ට ඩිජිටල් ගෙවීම් පිළිගැනීමට පහසු, ආරක්ෂිත සහ දැරිය හැකි ක්‍රමයක් සැපයීම මෙහි අරමුණ විය. තවද මෙම මුලපිරීම ඩිජිටල් ගනුදෙනු සරල කිරීම සහ වැඩි පිරිසකට මූල්‍ය සේවා වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම අරමුණු කර ගෙන ඇත. LankaQR යනු ජාත්‍යන්තර EMVCO ප්‍රමිති අනුගමනය කරමින් විවිධ බැංකු සහ ගෙවීම් පද්ධති හරහා ක්‍රියාත්මක වන QR කේත වර්ගයකි. එමඟින් පාරිභෝගිකයන්ට LankaQR පහසුකම් සහිත ඕනෑම ජංගම දුරකතන යෙදවුමක් භාවිත කරමින් LankaQR හරහා ගෙවීම් පිළිගැනීමේ හැකියාව ලබා දෙන බැංකු සහ මූල්‍ය ආයතනවලින් scan කර ගෙවීමට ඉඩ සලසයි. අද වන විට ශ්‍රී ලංකාවේ වෙළෙන්දන්ට LankaQR හරහා ගෙවීම් පිළිගැනීමේ හැකියාව ලබා දෙන බැංකු සහ මූල්‍ය ආයතන 22 ක් සහ LankaQR පහසුකම් සහිත ජංගම දුරකතන යෙදවුම් 30 ක් ඇත. 2024 තුන්වැනි කාර්තුව වන විට දිවයින පුරා වෙළෙන්දන් 410,000 කට වැඩි පිරිසක් ගෙවීම් සඳහා LankaQR භාවිතා කර ඇත.

මෙය 2025 අප්‍රේල් 1 සිට ජුනි 30 දක්වා මාස තුනක් සඳහා වලංගු වේ. භෞතික මුදල් සමඟ ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීමෙන් වෙළෙඳුන් සහ ගනුදෙනුකරුවන් යන දෙපිරිසටම බාධාවකින් තොර සහ පහසු ගෙවීම් අත්දැකීමක් භුක්ති විඳිය හැකිය.

මෙම අවස්ථාවට එක්වෙමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ පැවසුවේය. “අපගේ QR විසඳුම සමගින් අප ඩිජිටල් ගෙවීම් වෙළෙඳපොළ නව වෙනසකට ලක් කරනු ලැබුවා. සියලුම ප්‍රමාණයේ ව්‍යාපාරවලට ඩිජිටල් ගෙවීම් පද්ධතිය භාවිතා කිරීම ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා කළ යුතු දේ ගැන අපි පැහැදිලිව තේරුම් ගෙන තිබෙනවා. ඒවගේම ඔවුන්ට බැංකු පද්ධති වෙත ප්‍රවේශය ලබා දීම සහ ඔවුන්ට වර්ධනය වීමට උපකාර කිරීම සඳහා විශාලතම වෙළෙඳ ජාලය අප සතු වීම ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.

LankaPay මගින් බලගැන්වුණු සහ LankaQR ජාලයට සම්බන්ධ හැටන් නැෂනල් බැංකුව හා සම්බන්ධ වෙළෙන්දකු ලෙස ඔබට විවිධ යෙදවුම් (apps) ගණනාවකින් QR ගෙවීම් පිළිගත හැකිය. මෙය HNB SOLO ඇතුළුව විවිධ බැංකු සහ fintech යෙදවුම් 30 කින් ගෙවීම් පිළිගැනීමට HNB හා සම්බන්ධ වෙළෙන්දන් 30,000 කට වැඩි පිරිසකට උපකාරී වේ. MDR ගාස්තු ඉවත් කිරීමෙන්, සියලුම වෙළෙන්දන් අතර ඩිජිටල් ගෙවීම් භාවිතය ඉහළ නැංවීමට HNB අරමුණු කරයි.

වෙළෙන්දන්ට දැන් Static iy Dynamic QR කේත භාවිතයෙන් ක්ෂණික පියවීම්, වැඩිදියුණු කළ ආරක්ෂාව සහ ගෙවීම් භාර ගැනීමේදී කිසිදු අමතර ගාස්තුවක් ගෙවීමකින් තොරව ගෙවීම් ලබා ගත හැකිය. මෙහිදී රු. 10,000 ට අඩු LankaQR ගනුදෙනු සඳහා පමණක් කිසිදු ගාස්තුවක් අය නොකරනු ලබන අතර රු. 10,000 ට වඩා වැඩි ගනුදෙනු සඳහා සම්මත MDR ගාස්තු අය කරනු ඇත.



අදහස් (0)

HNB, LankaQR සඳහා වෙළෙඳ වට්ටම් අනුපාත ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site