IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


HNB, වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමග අත්වැල් බැඳගනී


ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරිත්වය දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍යකරණ විසඳුම් ලබා දීමෙන් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට වාහන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම සහයෝගීතාව HNB පාරිභෝගිකයන්ට ජනප්‍රිය වාහන සන්නාම කිහිපයකට ලීසිං පහසුකම් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. පහසු සහ කාර්යක්ෂම මූල්‍යකරණ විසඳුම් ලබා දීමෙන් වෘත්තිකයන්ට, ව්‍යාපාර හිමිකරුවන්ට සහ ප්‍රවාහන සේවා සපයන්නන්ට උපකාර කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති-සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. HNB හි අප අපගේ පාරිභෝගිකයන්ට විශ්වසනීය සහ දැරිය හැකි මූල්‍යකරණ විසඳුම් ලබා දීමෙන් ප්‍රවාහනය පහසු කිරීමට සහ ආර්ථිකය දියුණුවට දායක වීමට කැපවී සිටිනවා. Micro Cars සමඟ ඇති මෙම හවුල්කාරිත්වය තනි මෝටර් රථ හිමියන්ගේ සිට විශාල ප්‍රවාහන සමාගම් දක්වා සැමට ගැළපෙන පරිදි සකස් කළ ලීසිං සැලසුම් සහ බාධාවකින් තොර පාරිභෝගික සේවාවක් හරහා වාහන කර්මාන්තයේ විවිධ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සහාය වීමට HNB දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස පෙන්වා දිය හැකියි.

“අපගේ පුළුල් වාහන පරාසය සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමට HNB සමඟ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වනවා. එමෙන්ම මෙම හවුල්කාරිත්වය හරහා අපගේ පාරිභෝගිකයන්ට දැන් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය බැංකුවක සහාය ඇතිව පුද්ගලික හෝ ව්‍යාපාරික භාවිතය සඳහා උසස් තත්වයේ වාහන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩ සලසනවා.” යනුවෙන් Micro Cars සමූහයේ අධ්‍යක්ෂ අසේල ලිහිණිකඩුව මහතා පැවසුවේය.



අදහස් (0)

HNB, වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site