IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


HNB කාඩ්පත් හිමියන්ට මෙවර උත්සව සමයේදී සුවිශේෂී දීමනා

සියයට 70ක් දක්වා වට්ටම් සමගින් විදෙස් සංචාර දිනා ගැනීමට අවස්ථාව


හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් සිය කාඩ්පත්හිමියන්ට උත්සව දීමනා සහ ප්‍රතිලාභ සමගින් සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීමක් ලබාදීමට සූදානමින් සිටී. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 නොවැම්බර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව HNB කාඩ්පත් හිමියන්ට එළඹෙන උත්සව සමයේදී සුවිශේෂි දීමනා හා වාසිවලට අමතරව සියලු වියදම් සහිත අප්‍රිකානු සෆාරි අත්දැකීමක් දිනා ගැනීමටත් ්‍ Havelock City Mall හිදී සජීවී ප්‍රසංග හා විශේෂ ක්‍රියාකාරකම් රැසක් භුක්ති විඳීමටත් අවස්ථාව ඇත. මීට අමතරව මෙම වසරේ ප්‍රවර්ධන වැඩසටහනේ තවත් විශේෂත්වය වන්නේ Club Elite ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට Grammy සම්මාන උළෙල සහ Priority Circle ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරග නැරඹීමට ද HNB අවස්ථාව හිමි වීමයි. 
තවද මෙවර උත්සව සමයේදී HNB සිය කාඩ්පත්හිමියන්ට සියයට 70ක් දක්වා සුවිසල් වට්ටම් හා ප්‍රතිලාභ ලබාදීමට දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමග අත්වැල් බැඳ ගෙන සිටී. මෙහිදී ජනප්‍රිය දේශීය හා විදේශීය සන්නාම රැසක පාරිභෝගික භාණ්ඩ, ආහාර, ඇඳුම් පැළඳුම්, විලාසිතා, ජීවන රටාව ආශ්‍රිත නිෂ්පාදන, නිවසට අවශ්‍ය විදුලි උපකරණ, හෝටල් හා නවාතැන් පහසුකම් මෙන්ම සුපිරි වෙළෙඳසැල් ඇතුළු තවත් බොහෝ දේ ඉහළ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකියාව ඇත. එමගින් කාඩ්පත්හිමියන්ට ඔවුන්ගේ උත්සව සාප්පු සවාරි අත්දැකීමෙන් උපරිම වටිනාකමක් ලබාගැනීමට සහ ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ දීමනා භුක්ති විඳීමටත් හැකියාව උදාවනු ඇත. සෑම කාඩ්පත් ගෙවීමක් තුළින් දෛනික පහසුව සහ උත්සව සමයේ වටිනා ප්‍රතිලාභ යන දෙකම ලබාදෙන නිසා කාඩ්පත්හිමියන් ත්‍යාග දිනා ගැනීමට තව තවත් දිරිමත් කරයි.
 මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන විශේෂත්වය වන්නේ අප්‍රිකානු සෆාරි අත්දැකීමක් දිනාගැනීමට අවස්ථාව හිමි වීමයි. මෙම ප්‍රවර්ධන කාලය තුළදී අවම වශයෙන් රුපියල් 100,000ක ගනුදෙනු සම්පූර්ණ කරන කාඩ්පත්හිමියන් දෙදෙනකු කෙන්යාවේ මසායි මාරා (වීසා ගාස්තු ඇතුළත් නොවේ) හි දින පහක සෆාරි සංචාරයක් දිනා ගැනීම සඳහා දිනුම් ඇදීමකට ඇතුළත් වනු ඇති අතර වියදම් කරනු ලබන සෑම අමතර රුපියල් 10,000ක් සඳහාම ද අවසන් මහා දිනු ඇදීමට ඇතුලත් වනු ඇත. මෙම අප්‍රිකානු සෆාරි සංචාර පැකේජයට ආපසු පැමිණීමට ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර, එම සංචාරය අතර සිදුකරනු ලබන සියලු‍ම ගමන්බිමන්, සෆාරි උද්‍යාන ප්‍රවේශ ගාස්තු සහ 4X4 සෆාරි ජීප් රථයක් සමගින් හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරන පුහුණු හා පළපුරුදු මාර්ගෝපදේශකයකු ඇතුලත් වේ. මෙහිදී HNB නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජයග්‍රාහකයා තෝරා ගන්නා අතර ප්‍රවර්ධනය අවසන් වී වැඩ කරන දින දහහතරක් ඇතුළත අදාළ ජයග්‍රාහකයාට ඒ බව දැනුම් දෙනු ලැබේ.
මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 68 වැනි ග්‍රැමී සම්මාන උළෙලට සහභාගීවීම සඳහා සියලු වියදම් සහිත දින හතරක සංචාරයක් දිනා ගැනීමට ද HNB Club Elite ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට අවස්ථාවක් ලබා දී තිබීම තවත් විශේෂත්වයකි. මෙම පැකේජයට ආපසු පැමිණීමට ගුවන් ට්කට්පත්, නවාතැන් පහසුකම්, විශේෂ ආසන, backstage පහසුකම් සහ විශේෂ සහායක කණ්ඩායම් ඇතුළත් වන අතර එමගින් ලොව ඉහළ පෙළේ සංගීත සම්මාන උළෙලකදී මින් පෙර අත් නොවිඳි සුවිශේෂී අත්දැකීමක් Club Elite ක්‍රෙඩිට් කාඩ්පත්මියන්ට HNB උදා කර දී ඇත.
තවද ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ඉසව්වක උණුම අත්විඳීමට අවස්ථාව සලසා දෙමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා Priority Circle ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරග නැරඹීමට ද HNB අවස්ථාව උදා කර දී ඇත. මෙම දින හතරේ සංචාරයට ගුවන් ටිකට්පත්, නවාතැන් පහසුකම්, තරඟ ටිකට්පත් සහ මෙල්බන් නගරයේ සුන්දර ස්ථාන නැරඹීම ආදිය ඇතුළත් වේ.



අදහස් (0)

HNB කාඩ්පත් හිමියන්ට මෙවර උත්සව සමයේදී සුවිශේෂී දීමනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site