IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


Groundworth පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් වන Groundworth Partners විසින් සිය 7 වැනි ව්‍යාපෘතිය වන පන්නිපිටිය - පලන්වත්තේ පිහිටි Tranquil Acre පසුගියදා එළිදක්වන ලදී. රුපියල් මිලියන 1.2 කින් ආරම්භ වන බිම් කොටස් 19 කින් සමන්විත Tranquil Acre සියලු‍ පහසුකම් සහිත බව එම සමාගම කියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth Partners හි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. ‘‘Tranquil Acre කියන්නේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රෙය් අසමසම වටිනාකමක් ලබාදීමට අප ගන්නා උත්සාහයට කදිම නිදසුනක්. මෙම ව්‍යාපෘතියෙන් අපගේ සේවාදායකයන්ට ඔවුන්ගේ සිහින නිවහන තනා ගැනීමට හෝ ඉතා වටිනා ආයෝජනයක් කිරීමට අවස්ථාව ලබා දෙනවා. සියලු‍ පහසුකම්වලට ආසන්නව පිහිටි, සුවපහසු ජිවන රටාවකට අවස්ථාව ලබා දෙන, කාලයත් සමඟ අගය වැඩිවන ආකාරයේ ඉඩම් පමණක් අප අපගේ සේවාදායකයන් සඳහා තෝරාගනු ලබන අතර ඔවුන්ට හොඳම දේ ලබා දීමට අප නිරතුරුවම කැපවී සිටිනවා.”‍

නාගරික පරිසරයෙන් මිදුණු සුන්දර ග්‍රාමීය අත්දැකීමක් ලබා දෙන Tranquil Acre, සාමකාමී ආරක්ෂිත පරිසරයකින් යුක්ත වන අතර ලාබදායි ආයෝජන අවස්ථා සඳහා සහ නේවාසික ජීවිතය දෙයාකාරයටම ඉතා සුදුසුය. ප්‍රධාන බැංකු, සුපිරි වෙළෙඳසැල් සහ පාසල් යනාදියට ආසන්නව පිහිටීම නිසා සේවාදායකයන්ට අසමසම පහසුවක් ලබා දෙන අතර ප්‍රධාන බස් මාර්ගවලට ඇති පහසු ප්‍රවේශය සහ මාකුඹුර අධිවේගී මාර්ගයේ සිට මිනිත්තු 15ක දුරින් පිහිටීම තවත් සුවිශේෂී වේ.

සාමකාමී සහ ආරක්ෂිත පරිසරයකින් යුක්ත වීම, අඩි 20 ක පළලකින් යුත් පහසු ප්‍රවේශ මාර්ගයක් සහිත වීම, නිරවුල් ඔප්පු මගින් සුමට ආයෝජන ක්‍රියාවලියක් සහිත වීම, පාසල්, සෞඛ්‍ය පහසුකම්, සාප්පු සංකීර්ණ සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් වලට ආසන්න වීම, කාලයත් සමඟ අගය වැඩිවන ඉඩමක් වීම යන නිර්ණායක 5 අනුගමනය කිරීමෙන් ඨ Groundworth Partners විසින් සිය සේවාදායකයන්ට උපරිම වටිනාකමක් ලබා දෙනු ලබයි.

 



අදහස් (0)

Groundworth පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site