
Grindlays Regency පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. Grindlays Regency සමාගමේ සභාපති දර්ශන ලියනසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා ඔයට යාබදව අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Grindlays Regency විශිෂ්ට සහ ගුණාත්මක සේවාවක් සපයන මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටලයකි.
Grindlays Regency හෝටලයේ ඇති Standard, Deluxe සහ Suite යන වර්ග තුනට අයත් සුඛෝපභෝගී කාමර අමුත්තන්ට සුව පහසු අත්දැකීමක් ලැබෙන අයුරින් සැලසුම් කර ඇත. Sapphire සහ Crystal බෝල්රූම්ස්, සම්මන්ත්‍රණ ශාලා, රූෆ්ටොප්, ආපන ශාලා, අලංකාර උද්‍යානය, පිහිනුම් තටාකය සහ මත්පැන්හල හෝටලය සතු අනෙකුත් පහසුකම් අතර වේ.
දේශීය සහ විදේශීය අමුත්තන්ට සේවා සපයන Grindlays Regency හෝටලය අමුත්තන්ගේ පහසුව පිණිස ගුවන්තොටුපොළේ සිට හෝටලය දක්වාත්, හෝටලයේ සිට ගුවන්තොටුපොළ දක්වාත් ප්‍රවාහන පහසුකම් සපයයි. Grindlays Regency හෝටලය වර්තමානයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට රැකියා රැසක් සපයා ඇත.
දේශීය ව්‍යවසායකයන්ට සහ ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයන්ට අතහිත දීමේ අරමුණෙන් හෝටල් පරිශ්‍රය තුළ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමටත්, සේවා සැපැයීමටත් අවස්ථාව දී තිබීම සුවිශේෂ වේ. හෝටල් ක්ෂේත්‍රයේ නවකයන් වෙනුවෙන් ආගන්තුක සත්කාර වැඩමුළු, වෘත්තීය අධ්‍යාපන සැසි සහ ප්‍රයෝගික අත්දැකීම් ලැබිය හැකි වැඩමුළුද සංවිධානය කරයි. Booking.com පිරිනමන පාරිභෝගික ඇගැයීම් සම්මානය (2020) ඇතුළු සම්මාන රැසක් දිනා ඇති Grindlays Regency හෝටලයේ නිර්මාතෘ ලියනසේකර මහතා 2019දී සබරගමුව පළාතේ හෝටල් සහ සංචාරක අංශයේ විශිෂ්ටම ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබුවේය.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Grindlays Regency ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි