IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


GrandSpace හි Astoria පාරිභෝගික මධ්‍යස්ථාන 5 වැනි සංවත්සරය සමරයි

මෙරට ආයතන හා පුද්ගලයන්ට තම ආයතන පවත්වාගෙන යාම සඳහා කාර්යාල පරිශ්‍ර සමග සම්පූර්ණ කාර්යාලයීය සේවා සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන GrandSpace හි, කොළඹ 03 පිහිටි Astoria Complex පාරිභෝගික මධ්‍යස්ථානයේ 5 වැනි සංවත්සරය, පසුගිය දා සමරනු ලැබීය. ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 03 ලිපිනයේ පිහිටි එම මධ්‍යස්ථානයේදී, මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරනු ලැබුවේ Astoria හි ගනුදෙනුකරුවන්ගේද, ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල නියෝජිතයන්ගේද සහභාගීත්වයෙනි. 
නොසැලෙන ශක්තිය මෙන්ම නවෝත්පාදන හැකියාව ද සමගින් GrandSpace ආයතනයේ 8 වසරක වර්ධනීය ගමන්මග ද මෙහිදී සුවිශේෂී ලෙසින් සනිටුහන් තැබිණි. 2017 වසරේ ආයතනයේ ආරම්භයේ පටන්, මේ දක්වාම ශ්‍රී ලංකා‌වේ ප්‍රමුඛ පෙළේ කාර්යාල අවකාශ ඇතුළුව සියලුම කාර්යාල සේවා සම්බන්ධ විසඳුම් පිරිනමන ආයතනයක් ලෙසින් Grand Space හි උරුමය ද එම සංවත්සර උළෙලෙන් විදහා දැක්විණි.
වසර 5කට පෙරාතුව Astoria පාරිභෝගික මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේ COVID-19 වසංගතයෙන් මෙරට ව්‍යාපාරවල පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වුණු කාලයේය. ඒ හේතුවෙන් මුල් අවදියේ, GrandSpace ආයතනයට නොසැලෙන ලෙස කැපවීමෙන් කටයුතු කිරීමට සිදුව තිබිණි. එම කාල පරිච්ඡේදයේ අසීරුතා තවත් දැඩි කරමින්, ආර්ථික අර්බුදයට මෙන්ම ඉන්ධන හිඟයටත් මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදුවිණි. එය ද ආයතනයේ අධිෂ්ඨානශීලීත්වය පරීක්ෂාවට බඳුන් කළ කාල පරිච්ඡේදයකි. එම කාල පරිච්ඡේදයේ විදුලි බිඳවැටීම් මධ්‍යයේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ සේවාවක් සහතික කිරීම සඳහා තම ආයතනයේ විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලි සැපයුම ලබාදෙමින් GrandSpace ආයතනයේ කටයුතු පවත්වාගෙන ගිය අයුරු ප්‍රශංසනීයය. අර්බුද සමයේ විදේශීය ගැනුම්කරුවන්ට තම කාර්යාල පවත්වාගෙන යාමට කොළඹ 06 පිහිටි, Astoria පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය ද විවෘතව තැබිණි. එවැනි අවිනිශ්චිත කාල වකවානුවක පවා තම ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ආයතනික පරිශ්‍රය තුළ වැඩ කටයුතු ඉටුකර ගැනීමට විශ්වාසනීය සහායක් සැපයීම අතින්, GrandSpace හි කාර්යභාරය කැපී පෙනෙයි.
2017 වසරේ ආයතනික පරිශ්‍ර හා සේවා ලබාදෙන ආයතනයක් ලෙසින් ඇරඹි ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක නියැලෙන GrandSpace, ඉකුත් වසර 8 ක කාලය තුළ, ස්ථාන හතරක පිහිටි විශිෂ්ට පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථාන ජාලයක් දක්වා ව්‍යාප්ත වී තිබේ. 2020 වසරේදී මුල්ම Astoria මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, 2023 වසරේදී Crescat Boulevard හි මධ්‍යස්ථානය විවෘත කෙරිණි. එහි නවතම පාරිභෝගික මධ්‍යස්ථානය වැලිබල් ෆිනෑන්ස් මූලස්ථාන ගොඩනැගිල්ලේදී මේ වසරේ විවෘත කෙරිණි.
මේ සෑම පාරිභෝගික මධ්‍යස්ථානයකින්ම. GrandSpace විදහා දක්වන්නේ එහි මූලික ප්‍රතිඥාව ලෙසින් සැලකෙන, ආයතනික අවශ්‍යතාවලට ගැලපෙන ඒකාබද්ධ හා නම්‍යශීලී කාර්යාල පරිශ්‍ර හා පරිපූර්ණ සේවා විසඳුම් පිරිනැමීමයි. සෑමවිටම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට කැපවන GrandSpace, තම ආයතනික කටයුතු සඳහා දීර්ඝ කාල වේලාවක් ඉඩ පහසුකම් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට, ඇතැම් විට පැය 24 පුරා පහසුකම් සලසා දීමෙන් ද සහාය දක්වයි. ඒ, ගනුදෙනුකරුවන්ගේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතා හඳුනාගෙන ඔවුන් සඳහාම සුවිශේෂී පහසු, සේවාවක් ලබාදීම පිණිස තම කැපවීම විදහා දක්වමිනි.
ප්‍රධාන වශයෙන්ම කළමනාකාරිත්වය සහ හිමිකාරිත්ව භූමිකාවන්ගෙන් සියයට 95 ක ප්‍රතිශතයක් කාන්තා පාර්ශ්වය විසින් උසුලන GrandSpace, සාඩම්බර කාන්තා නායකත්වයෙන් යුත් ආයතනයකි. සේවාදායකයන් සඳහා සේවාව සැලසීම, මෙහෙයුම් කළමනාකරණ කටයුතු මෙන්ම අවධානය දැක්වීම මෙන්ම, ක්ෂේත්‍රයේ නායකත්වය දැරීම අතින් ද කාන්තාවන් දක්වන විශිෂ්ට දායකත්වය, එවැනි ප්‍රතිශතයක් දක්වා කාන්තා නියෝජනය ගෙන ඒමට ඉවහල් වී තිබේ. ඉන් නොනැවතී සමාගමේ මූලික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලු දෙනා දායක කරගත හැකි, සම ආයතනික ව්‍යුහයක් GrandSpace පවත්වාගෙන යයි.

 



අදහස් (0)

GrandSpace හි Astoria පාරිභෝගික මධ්‍යස්ථාන 5 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site