IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


Grand Leisure Care & Wellness Resort වෙතින් වැඩිහිටියන්ට සුව පහසු දිවියක අත්දැකීමක්

මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාර සහ සුවතා මධ්‍යස්ථානය වන මීගමුව Grand Leisure Care & Wellness Resort  සුව පහසුවල වෘත්තීමය රැකවරණය සමග නිවාඩු නිකේතනයක දිවි ගෙවීම හා සමාන අත්දැකීමක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හඳුන්වා දෙයි. Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 40ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී තිබේ. 

ගෞරවය සහ සතුට පිරුණු ජීවිතයක් ගත කිරීමට ජ්‍යෙෂ්ට පුරවැසියන්ට අවකාශය සලසන Grand Leisure Care & Wellness Resort  පැය 24 පුරා ක්‍රියාත්මක වන වෛද්‍ය රැකවරණය පුද්ගලාරෝපිත සුවතා වැඩසටහන්ල භෞත චිකිත්සක පහසුකම්ල පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු සේවා රැසක් පවත්වා ගෙන යයි. රැකියාවල පවුලේ කටයුතුල සංචාරක අවශ්‍යතා හෝ වෙනත් වගකීම් සමග කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඕනෑම අයකුට ඔවුන්ගේ පවුල්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙටි කාලයකට හෝ දීර්ඝ කාලයකට Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ කළ හැකිය. 

සාම්ප්‍රදායික වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන සංකල්පයෙන් ඔබ්බට යමින් සුඛෝපභෝගී හෝටලයක් හා සමානව නිර්මාණය කර ඇති Grand Leisure Care & Wellness Resort ඉඩ සහිත කාමරවලින් ප්‍රණීත ආහාර පානවලින්, පිහිනුම් තටාකයකින් අලංකාර ගෙවත්තකින් සහ අනෙකුත් සියලු පහසුකම්වලින් සමන්විත වේ. සියලු පහසුකම් සහිත පැකේජයක් සඳහා ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 110,000කි (ආසන්න වශයෙන් ඩොලර් 360කි). එය විදේශීය වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන අය කරන ගාස්තුවට වඩා බොහෝ පහළ අගයකි. දෛනික ගාස්තු ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ. එහි නවාතැන් ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ඔවුන්ගේ ආදරණීයයන් සමග නවාතැන් ගැනීමට පහසුකම් සලසා ඇතග ඔවුන්ටද  සුඛෝපභෝගී හෝටලයක ඇති සියලු පහසුකම් අත්විඳිය හැකිය. 



අදහස් (0)

Grand Leisure Care & Wellness Resort වෙතින් වැඩිහිටියන්ට සුව පහසු දිවියක අත්දැකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site