ආයතනික ජයග්‍රහණ ඇගැයීම සඳහා එක්සත් රාජධානියේ London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. Codezela Technologies ආයතනය එම සම්මාන උළෙලේ සියලු කටයුතු කළමනාකරණය කළේය. නව්‍යකරණය, තිරසාරත්වය, පාරිභෝගික අත්දැකීම්, නායකත්වය වැනි අංශ ගණනාවක් ඔස්සේ සම්මාන ප්‍රදානය කරන ලදී.
Codezela Technologies ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සයුරු අමරසිංහ මහතා පැවසුවේ දැක්මක් සහිත ව්‍යවසායකයන් සහ ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එකම ස්ථානයකට කැඳවා ඔවුන් ඇගැයීමට ලැබීම භාග්‍යයක් බවයි. “නව්‍යකරණය සඳහා වන කැපවීම, සදාචාර සම්පන්න බව, තිරසාර වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන් පිටතත් ආයතනික විශිෂ්ටත්වය තහවුරු කරන්නට ඔවුන්ට හැකි වී තිබෙනවා. මෙවැනි උත්සවයක් සංවිධානය කරන්නට ලැබීම අපට විශාල ආඩම්බරයක්.” සම්මාන උළෙලේදී ආයතනික විශිෂ්ටයෝ රැසක් සම්මාන ලැබූහ. එසේම කාවිංග පෙරේරා (ජනප්‍රියම රංගන ශිල්පියා), පියුමාලි එදිරිසිංහ (ජනප්‍රියම රංගන ශිල්පිනිය), චාමර සමරවික්‍රම (ජනප්‍රියම ටෙලිනාට්‍ය නිෂ්පාදකයා) වැනි කලා ක්ෂේත්‍රය නියෝජනය කරන විශාල පිරිසක්ද ඇගැයීමට ලක් වූහ. සම්මානලාභීන්ගේ ජයග්‍රාහී ගමන් මඟ පිළිබඳ තොරතුරු ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශය කරන ලදී. මෙම අදියරෙන් පසු Elite Series II සම්මාන උළෙල මෙම වසරේ අගෝස්තු මාසයේදී BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදීද ව්‍යාපාර සන්නාම රැසක් ඇගැයීමට ලක් වනු ඇත.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Global Business Excellence 2025දී ප්‍රමුඛ ව්‍යාපාර සන්නාම හා ආයතනික විශිෂ්ටයෝ සම්මාන ලබති