ශ්රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම්හි තුන වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. FitsAir සේවය සිය ජාලයේ නව ගමනාන්තයක් ලෙස ක්වාලාලම්පූර් වෙත ගුවන් මෙහෙයුම් සාර්ථකව දියත් කළ අතර, ඉහළ යන ඉල්ලුම සපුරාලමින් මාලේ සහ ඩකා වෙත ද තම ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීමට ද කටයුතු කර ඇත. එමෙන්ම මෑතකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුෙපාළෙහි බිම් මට්ටමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා අනුමැතිය ලබාගෙන තිබීම ද FitsAir හි ස්වාධීන කාර්යක්ෂමතාවක් සමගින් විශිෂ්ට සේවාවක් ලබා දීම කෙරෙහි ඇති කැපවීම මනාව ඉස්මතු කරයි.
සිය තුන්වැනි සංවත්සරය සැමරීම පිළිබඳව අදහස් දක්වමින් FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ Ammar Kassim මහතා මෙසේ පැවැසීය. FitsAir ගුවන් සමාගම, සැලකිය යුතු වර්ධනයක් සහ දැක්මක් සමගින් මෙතෙක් පැමිණි ගමන්මග සුවිශේෂී වෙනවා. මේ වනවිට අපගේ ගුවන් සේවාව නව වර්ධනයක් ළඟා කර ගනිමින් සිටින අතරම, අපගේ ගුවන් මෙහෙයුම් ශක්තිමත් කරමින් පාරිභෝගිකයන්ගේ සුවපහසුව උදෙසා විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටිනවා.
FitsAir ගුවන් සමාගමේ තෙවැනි සංවත්සරය නිමිත්තෙන්, සීමිත කාලීන ප්‍රවර්ධන සේවා ගුවන් මගීන් වෙනුවෙන් හඳුන්වා දී ඇති අතර, කොළඹ සිට ඩුබායි, ක්වාලාලම්පූර්, මාලේ සහ ඩකා වෙත ආකර්ෂණීය ගාස්තුවක් සමගින් කිලෝග්‍රෑම් 20ක පරීක්ෂා කරන ලද ගමන් මලු සහ කිලෝග්‍රෑම් 7ක අත් ගමන් මලු පහසුකම් දීමනාවක් ද ඊට ඇතුළත් කර තිබේ. මෙම විශේෂ ගාස්තු ප්‍රවර්ධනය සීමිත කාලයක් සඳහා ලබා ගත හැකිය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
FitsAir ගුවන් සමාගම තෙවැනි සංවත්සරය සමරයි