IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන්

 

  • ප්‍රමුඛ අවධානය ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම කෙරෙහිය

First Capital Holdings PLC විසින් 11 වැනි වරටත් සංවිධානය කළ ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පසුගියදි පැවැත්වුණි. මෙම සම්මන්ත්‍රණයට ආරාධිතයන් 300 ක් සහභාගි වූ අතර, මාර්ගගතව මෙම අවස්ථාව සමඟ 400කට අධික පිරිසක් සම්බන්ධ වූහ. 
‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය‘ මෙරට ප්‍රමුඛතම ආයෝජක සම්මන්ත්‍රණවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකිය. 
මෙම වසරේ පැවති සම්මන්ත්‍රණයේ අවධානය යොමු වූයේ 2025 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම වන අතර, වෙළෙඳපොළ පුරෝකථන, උපායමාර්ගික ආයෝජන ප්‍රවේශ සහ මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ නිර්මාණය වන නව අවස්ථා පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කෙරෙහිය.
මෙවර සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කරනු ලැබුවේ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසිනි.
මෙහි දී First Capital Holdings PLC හි උප සභාපති (ආයතනික මූල්‍ය) දේශානි රත්නායක මහත්මිය විසින් මෙහෙයවන ලද කමිටු සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති/සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ, බ්‍රැන්ඩික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකා රචිනි රාජපක්ෂ සහ First Capital Holdings PLC හි ප්‍රධාන පර් යේෂණ හා උපායමාර්ග නිලධාරී දිමන්ත මැතිව් යන මහත්ම මහත්මීහු එම කමිටුවට ඇතුළත් වූහ.



අදහස් (0)

‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site