IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


Fcode Labs ආසියාවේ හොඳම සේවා ස්ථාන අතර 35 වැනි ස්ථානයට

Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කරනු ලැබ තිබේ. ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයට අයත් සේවය කිරීමට වඩාත් සුදුසු ආසියානු සමාගම් අතර 35 වැනි ස්ථානය එම සමාගමට හිමි වී ඇත. 

පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ‘Great Place to Work Awards 2022’ සම්මාන උළෙලට සහභාගී වූ Fcode Labs කණ්ඩායම වෙත මෙම සහතිකය පිරිනමන ලදී. පාරිභෝගික තෘප්තිය හා සමානවම කාර්ය මණ්ඩලයේ තෘප්තියද අගය කරන සමාගම් ගණනාවක් අතරින් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් බවට පත් වීම Fcode Labs ලැබූ ජයග්‍රණයකි. 

ඉහළ වැටුප් ලබන Fcode Labs සේවක සේවිකාවන් ඔවුන්ට පැවරී ඇති රාජකාරි පිළිබඳව ඉතා තෘප්තිමත් බව අදාළ දත්ත මගින් තහවුරු වේ. අර්බුදකාරී අවස්ථාවක කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙවර අවතක්සේරු නොකළ යුතු බව සමාගම දැඩිව විශ්වාස කරයි. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව සේවක වැටුප් ගණනය කිරීම සමාගම සේවක වැටුප් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගෙන ඇති වැදගත් පියවරකි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ මාර්ගගත ක්‍රමයට රාජකාරි කිරීමට සිදුවීම මෘදුකාංග සමාගම් මුහුණ දුන් විශාල අභියෝගයකි. එය 2022 වසරේ හොඳම සේවා ස්ථාන අතර ලැයිස්තුගත වීමටද අභියෝගයක් විය. එම අභියෝගය සාර්ථකව භාර ගත් Fcode Labs දෙමුහුන් සේවා ක්‍රමයක් ස්ථාපිත කළේය. එමඟින් එහි සේවකයන්ට නම්‍යශීලිව සහ පීඩනයකින් තොරව සේවය කිරීමට අවශ්‍ය නිදහස ලැබිණි.

සේවය කිරීමට හොඳම ස්ථානයක් වන Fcode Labs සියලු දෙනාගේ අදහස් සහ යෝජනා පිළිගන්නා විනෝදාත්මක සේවා ස්ථානයක්ද වේ. කාර්යාලයේදී මෙන්ම මාර්ගගත ක්‍රමයට පවත්වන විවිධ වැඩසටහන් හරහා සේවකයන් තුළ උද්යෝගය පවත්වා ගෙන යාමද සුවිශේෂ ලක්ෂණයකි. 

ක්‍රීඩා උත්සව සහ විනෝද චාරිකා වැනි දෑ කණ්ඩායම් සම්බන්ධතා සහ සේවක අභිප්‍රේරණය ඉහළ නංවයි. විශිෂ්ට මෘදුකාංග නිෂ්පාදනය Fcode Labs සමාගමක් ලෙස ඉටු කරන කාර්යභාරය අතරින් කොටසක් පමණි. එහි දැකිය හැකි ධනාත්මක වටපිටාව සහ යහපත් වටිනාකම් සේවා ස්ථානයක් ලෙස එය ලබා ඇති දියුණුව මනාව පිළිබිඹු කරයි. අභියෝග රැසක් මධ්‍යයේ මෙතෙක් දුර පැමිණියත්, ‘හොඳම දේ ඉදිරියට’ යන්න ඔවුන්ගේ විශ්වාසය වේ.

595

ඡායාරූපය - පමල්ජිත් හර්ෂප්‍රිය (ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමණාකරු), රමේෂ් රත්නායක (අධ්‍යක්ෂ), සංඛනී සුරවීර (මානව සම්පත් විධායක), බුද්ධිශාන් මනම්පේරි (අධ්‍යක්ෂ), තරිඳු මලවලආරච්චි (අධ්‍යක්ෂ)



අදහස් (0)

Fcode Labs ආසියාවේ හොඳම සේවා ස්ථාන අතර 35 වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 108 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site