IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


Fabindia කොළඹ Havelock City Mallහි දී සිය පළමු වෙළෙඳසල විවෘත කරයි

තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටාව ඉන්දියාවේ කීර්තිමත් සහ ජනප්‍රිය සන්නාමයක් වන  Fabindia  විසින් ශ්‍රී ලංකාවේ සිය පළමු වෙළෙඳසල Havelock City Mall  හි දී පසුගියදා විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ  Fabindia  නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම කොළඹ ප්‍රමුඛ පෙළේ ආරාධිතයෝ රැසක් ද සහභාගී වූහ. 
මෙමගින් නොනැසී පවතින අත්කම් නිර්මාණ සහ වගකීම් සහිත පරිභෝජනය නිරූපණය කරන සන්නාමයක පැමිණීම සනිටුහන් වේ.
1960 දී ආරම්භ කරන ලද  Fabindia  තිරසාර විලාසිතා සඳහා ඉන්දියාවේ තිබෙන විශාලතම පෞද්ගලික ජාලය වේ. මේ ඔස්සේ ගොවීන් සහ ග්‍රාමීය ශිල්පීන් 55,000කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග සම්බන්ධ කරයි. ස්වාභාවික කපු සහ සේදවලින් නිම වූ ඇඟලු‍ම් නිෂ්පාදනවල සිට ගෘහ අලංකරණය සහ ජීවන රටාවට අදාළ භාණ්ඩ දක්වා වූ විවිධ නිෂ්පාදන පෙළක්  Fabindia  සන්නාමය මගින් පිරිනමනු ලබයි. ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතය, වගකීම් සහගත සැපයුම්කරණය සහ ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ Fabindia පාරිභෝගික ජනතාව අතර වඩාත් ප්‍රචලිත වී තිබේ.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ උණුසුම සහ ඉන්දියානු අත්කම් සෞන්දර්යයේ මනා සුසංයෝගය කොළඹ පිහිටි මෙම නව වෙළෙඳසල ඔස්සේ මැනවින් පිළිබිඹු වේ. විවිධ ජාතීන්ට අයත් ඇඳුම් විලාසිතා මෙන්ම දේශීය සහ බටහිර විලාසිතා රැසක්  Fabindia  ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කරයි. මෙම ආරම්භක උත්සව අවස්ථාවට එකතු වූ පිරිසට එම විලාසිතා පෙළ දැක බලා ගැනීමට ද අවස්ථාව ලැබුණි.
මෙම අවස්ථාවට එක්ව සිටි Fabindia හි President – Retail අජෙයි කපූර් මහතා මේ පිළිබදව සිය අදහස එකතුකළේ මෙසේය, ‘ශ්‍රී ලංකාවට Fabindia හඳුන්වා දෙමින් ලංකාවේ වේගයෙන් වර්ධනය වන විලාසිතා වෙළෙඳපොළට එක් වීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙය හුදෙක් විලාසිතා වෙළෙඳ ව්‍යාපෘතියක් පමණක් නොවේ. එය තිරසාර වටිනාකම්, සංස්කෘතික උරුමයන් හුවමාරු කරගැනීම් සහ කාලෝචිත ආකර්ෂණීය සැමරීමක්. 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා චුලෝධරා සමරසිංහ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “ශ්‍රී ලංකාවට Fabindia රැගෙන ඒමට හැකි වීම මෙන්ම තිරසාර විලාසිතා සඳහා සුප්‍රකට සුවිශාල සන්නාමයක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අපිට ඇත්තේ නිහතමානි සතුටක්. Fabindia යනු හුදෙක්ම ඇඟලු‍ම් සහ විවිධ උපාංග සන්නාමයකට වඩා වැඩි යමක්. එය අත්කම් කලාව, උරුමය සහ වර්තමානය සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද සම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කරනවා.”
අත්කම්වලින් නිම වූ සංස්කෘතික සහ නූතන බටහිර කාන්තා සහ පිරිමි විලාසිතා, බෑග් සහ උපාංග, නිවාස අලංකරණ උපාංග, සුවතා නිෂ්පාදන සහ තවත් බොහෝ දේHavelock City වෙළෙඳ සංකීර්ණයේ පිහිටවූ  Fabindia  වෙළෙඳසලෙන් ලබාගත හැකිය.



අදහස් (0)

Fabindia කොළඹ Havelock City Mallහි දී සිය පළමු වෙළෙඳසල විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site