IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


Ewis දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේට අපනයනය කරයි

ශ්‍රී ලංකාවේ තො‍රතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් ප්‍රථමවරට සිම්බාබ්වේට සාර්ථකව අපනයනය කළේය. මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයකි. 

ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විසඳුම් සම්පාදනය කිරීම සඳහා වූ සමාගමේ කැපවීම, සූරියවැව අති නවීන EWIS නිෂ්පාදන කර්මාන්ත ශාලාව වෙතින් සිදු කළ මෙම නැව්ගත කිරීමෙන් තවදුරටත් සනාථ වේ. නිෂ්පාදනය සහ එකලස් කිරීමේ වසර 11කට වැඩි විශේෂඥ අත්දැකීම් ඇති EWIS Colombo  සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. 
ආයෝජන මණ්ඩලයේ (BOI) 17 වන වගන්තියෙන් අනුමත කරන ලද සමාගමක් ලෙස, EWIS මෙරට පළමු සහ එකම දේශීය පරිගණක නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇති අතර, එමඟින් පරිගණක සහ තාක්ෂණික මෙවලම් අපනයනයේ වර්ධනයට මග පෙන්වයි.

EWIS Colombo  සමාගමේ සභාපති, සංජීව වික්‍රමනායක මහතා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මෙසේ පැවසීය. “මෙම සුවිශේෂී සන්ධිස්ථානය EWIS අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා. අපේම දක්ෂතාව, හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින්, අපනයනය සඳහා උසස් ගුණාත්මයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙය සාක්ෂි දරනවා. 

ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකබව සඳහා EWIS කැපවීම ඔවුන් සතු ISO 9001:2015, ISO 14001:2015, CE, FCC, RoHS සහ IEC 62368-1  සහතික මගින් සනාථ කරන අතර, මෙම ප්‍රමිතිවලින් EWIS අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතිවලට අනුකූල වීම සහතික කරයි. 

මෙම ගෝලීය ප්‍රමිති මගින් විශිෂ්ටත්වය සඳහා EWIS හි කොන්දේසි විරහිත කැපවීම තහවුරු කරන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි EWIS නිෂ්පාදන ඉතා තරඟකාරී කිරීමට එය සාධක වී ඇත.



අදහස් (0)

Ewis දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේට අපනයනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site