IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


Everbolt සමාගමට ව්‍යවසායකත්ව සම්මාන ත්‍රිත්වයක්

මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සමාගමක් වන Everbolt Engineering  පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා සඳහා වන රිදී සම්මානය, විශිෂ්ටම නව්‍ය ව්‍යවසාය සඳහා වන රන් සම්මානය සහ මධ්‍ය පරිමාණ සේවා අංශයේ විශිෂ්ටම ව්‍යවසාය යන සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි.
 කාර්මික ස්වයංක්‍රීයකරණය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල විප්ලවකාරී වෙනසක් කර ඇති Everbolt  සමාගම පුළුල් පරාසයක විහිදී ඇති විදුලි නිෂ්පාදන සහ ඉංජිනේරු සේවා සපයයි. විද්‍යුත් පැනල නිර්මාණය සහ සවි කිරීම, සොෆ්ට් ස්ටාටර්, VFD පැනල, ඉන්ඩස්ට්‍රියල් වයරින්, ලයිටින් ඇරෙස්ටර්, අර්තින් සිස්ටම්, කැපෑසිටර් බෑන්ක්, Vision Based Solutions, Web Based Solutions, Online Data Monitoring and System Controlling  ඒ අතර වේ.
එම සමාගම සිය සහෝදර සමාගම වනEverbolt Engineering Services  පෞද්ගලික සමාගම දියත් කරමින් 2018දී සේවා ක්ෂේත්‍රයට පිවිසියේය. පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 2022දී CDI Electricals  පෞද්ගලික සමාගම දියත් කළ අතර එම වසරේදීම ISO 9001:2015  ජාත්‍යන්තර තත්ත්ව සහතිකය දිනා ගත්තේය. Everbolt Food Product Pvt Ltd නමින් කාබනික ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයටද පිවිසී ඇති එම සමාගම ශාකසාර තේ, රස කැවිලි, යන්ත්‍ර රහිතව නිෂ්පාදනය කළ තේ, විජලනය කළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. 



අදහස් (0)

Everbolt සමාගමට ව්‍යවසායකත්ව සම්මාන ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site