
Sakura Products & Exports පෞද්ගලික සමාගමEntro Queen Excellence - Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කළමනාකරණ අධ්‍යක්ෂිකා මංජුලා ජානකී සහ ගාමිණි ජයසිංහ වෙත සම්මානය පිරිනැමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ප්‍රදේශයේ පිහිටි එම සමාගම තල සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයෙකි.
2006දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Sakura Products & Exports සමාගම කෙටි කාලයකින් මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ සන්නාමයක් බවට පත් විය. තල සහ තල ආශ්‍රීත රස කැවිලි ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන අතර වේ. සාම්ප්‍රදායික ක්‍රම සහ නවීන යන්ත්‍රෝපකරණවල සම්මිශ්‍රණයක් යොදා ගනිමින් සකසනSakura නිෂ්පාදනවලට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ඉල්ලුමක් ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කිසිදු රසායනික ද්‍රව්‍යයක් යොදා නොගැනීම සුවිශේෂ කරුණකි. ප්‍රධාන හෝටල්, බේකරි සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමඟ කටයුතු කරන එම සමාගම ඉදිරියේදී සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට සැළැසුම් කර ඇත.
සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන ‘Ceylon Sesame’ සඳහා අවශ්‍ය තල නෙළීම, වියළීම සහ පිළියෙළ කිරීම ඇතුළු සියලු කාර්යය සිදු කරන්නේ දෑතිනි. රට පුරා විහිදී සිටින ගොවීහු 300කට වැඩි පිරිසක් සමාගමේ නිෂ්පාදනවලට අවශ්‍ය තල සපයති. ඔවුන්‌ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර, සමාගමේ සේවක මණ්ඩලයෙන් සියයට 90ක්ම කාන්තාවෝ වෙති. රත්නපුර දිස්ත්‍රික්කය තුළ ජීවත් වන 200කට අධික පිරිසකට එම සමාගම හරහා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා ලැබී ඇත. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශිෂ්‍යත්ව සහ අනෙකුත් අනුග්‍රහ සැපැයීමේ අරමුණෙන් සේවක සුබසාධක සමාජයක්ද පවත්වා ගෙන යන එම සමාගම තිරසාර කෘෂිකර්මාන්තය, කාන්තාවන් බල ගැන්වීම, ග්‍රාමීය ව්‍යවසායකත්වය ප්‍රමුඛ කර සලකයි. යටිතල පහසුකම් පිළිබඳ ගැටලු ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ වුවත් එම සමාගම දිනෙන් දින දියුණුව කරා ගමන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Entro Queen Excellence සම්මානයෙන් Sakura Products & Exports පිදුම් ලබයි