
මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වැනි සංවත්සරය සැමරීමට නියමිතය. කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් වීමට ඔවුන්ට හැකි වී තිබේ. Empire Teas සිය 25 වැනි සංවත්සරය වෙනුවෙන් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට මෙරටට ඇරියුම් කර ඇත.
අගෝස්තු 7 සිට 9 දක්වා තේ දලු නෙළීමේ පටන් කර්මාන්ත ශාලා තුළ තේ නිෂ්පාදනය කිරීම දක්වා වන සියලු දෑ දැක ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. පසුගිය කාලය තුළ සමාගමේ වර්ධනය වෙනුවෙන් දායක වූ විදේශීය මෙන්ම දේශීය සහකරුවන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර ඇත.
සාමාන්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී කැපී පෙනෙන වර්ධනයක් ළඟා කරගෙන ඇති Empire Teas මේ වන විට ශ්‍රී ලංකාවේ හොඳම තේ අපනයන සමාගම් පහ අතරින් එකකි. ඔවුන් රටවල් 70 කට අධික සංඛ්‍යාවකට උසස් තත්වයේ තේ කිලෝග්‍රෑම් මිලියන 14 කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව අපනයනය කරයි. වර්තමානයේ සමාගමට නායකත්වය දෙන තුන්වැනි පරම්පරාව නියෝජනය කරන ලුශාන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම නිසි තීරණ ගනිමින් කැපවීමෙන් යුතුව කටයුතු කිරීම තුළ විශාල සාර්ථකත්වයක් ලබා ඇත. “මෙය හුදු සැමරුමක් පමණක් නොවෙයි. මෙය අප කෙරෙහි විශ්වාසය තබමින් විශිෂ්ට වර්ධනයක් ළඟා කර ගැනීමට අපට උපකාර වූ ව්‍යාපාර සහකරුවන්ට කෘතඥතාව පළ කිරීම සඳහා අවස්ථාවක්. ඉතා කුඩා ආරම්භයක පටන් හදවත්වල රැඳෙන සන්නාමයක් බවට පත් වීම සඳහා ඔවුන් දුන් දායකත්වය ඉතා ප්‍රශංසනීයයි,” ලුශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය. Empire Teas ශ්‍රී ලංකාවට අමතරව කෙන්යාව, චීනය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය වැනි රටවලද සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර ඇත. Hyson, Thurson, Akina සහ Tea Avenue වැනි සන්නාමවලින් Empire Teas ශ්‍රී ලාංකික තේ නාමය ලොව පුරා ගෙන යයි. ඔවුන්ගේම තේ සන්නාමවලට හිමිකම් කියන සමාගම් රැසක්ද Empire Teas වෙතින් තේ මිල දී ගනී. මූලික වටිනාකම් සහ දැක්ම අනුව යමින් ඉදිරි කාලය තුළ සිය සාර්ථකත්වය ඉහළ නංවා ගැනීම එම සමාගමේ අරමුණයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Empire Teas 25 වැනි සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරියුම්