මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙසත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ SLIM SME Development සම්මාන උළෙලේදී ක්ෂුද්‍ර අංශයේ කුසලතා සම්මානයකිනුත් පිදුම් ලැබීය.
Eminent International සමාගමේ නිෂ්පාදනයක් වන EMSOL පෙට්‍රල්, ඩීසල් සහ අනෙකුත් පොසිල ඉන්ධනවල ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. වාහන, නාවික යාත්‍රා සහ බොහෝ උපාංගවල ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට එය භාවිත කළ හැකිය. වාහනවලින් පිට වන දුම සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන EMSOL සියයට 20-25 අතර අගයකින් ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඇති අනෙකුත් ප්‍රතිකාරකවලින් ඉන්ධන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැක්කේ සියයට 12-15 අතර අගයකිනි. EMSOL යෙදීමට වාහනවල කිසිදු වෙනසක් කළ යුතු නැත. නිර්දේශිත ප්‍රමාණය ඉන්ධන ටැංකියට යෙදීමෙන් වැඩි බලයක් සහිතව දුමක් නොමැතිව වැඩි දුරක් ධාවනය කළ හැකිය.
දුම අවම වීමෙන් එන්ජින් ඔයිල් දහනය අවම වේ. ඒ හරහා එන්ජින් ඔයිල් මාරු කළ යුතු කාලය සියයට 30කින් දීර්ඝ වේ. දුම් පරීක්ෂණවලින් සමත් වීමටද EMSOL උපකාර වේ. (EMSOL Fuel System Cleaner ඉන්ධන ටැංකියට යොදා කිලෝමීටර් 20ක් 25ක් ධාවනය කර දුම් පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතුය. චෙක් එන්ජින් සහ DPF ගැටලු පහසුවෙන් විසදා ගැනීමටද මෙය යොදා ගත හැකිය.) සුමට එන්ජින් ක්‍රියාකාරිත්වය ධාවනය කරන්නාට දැනෙන වෙහෙස අවම කරන අතර සුරක්ෂිතභාවය ඉහළ නංවයි. සාමාන්‍ය ඉන්ධනවලට EMSOL එකතු කිරීමෙන් අඩු මුදලකට සුපිරි ඉන්ධනවලට සමාන කාර්යක්ෂමතාවක් ලැබේ. යතුරුපැදි, බර වාහන, දුම්රිය, මහා පරිමාණ විදුලි උත්පාදක ඇතුළු ඕනෑම එන්ජින් වර්ගයකට භාවිත කළ හැකිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි