
Dearo Investment සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. විශිෂ්ටම ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ මූල්‍ය සමාගම, විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම සහ විශිෂ්ටම ව්‍යවසායකත්ව මූල්‍ය සමාගම යන සම්මාන තුන ඔවුන්ට හිමි විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා වෙත සම්මාන පිරිනමන ලදී.
නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය උපයෝගී කර ගනිමින් පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයනDearo Investment සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. පෞද්ගලික සහ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමවල පටන් සුහුරු ආයෝජන සැලසුම් දක්වා වන සෑම මූල්‍ය සේවාවක්ම පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් සකසා තිබේ. එම සමාගම දැනට පවතින සහ ආරම්භක අදියරේ පවතින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ හවුල් ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත.
Dearo Investment සමාගමට අයත් රට පුරා පිහිටි ශාඛා ගණන 30කට අධිකය. තවත් ශාඛා රැසක් ඉදිරියේදී ඇරැඹීමට සැලසුම් කර ඇත. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය බල ගැන්වීම සිය ප්‍රමුඛ අරමුණ කර ගත් එම සමාගම වර්තමානයේදී මූල්‍ය සේවා, නීති, ව්‍යාපාර සහාය, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, මෘදුකාංග, වාහන, කෘෂිකාර්මික සහ වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි සිය ව්‍යාපාර පුළුල් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Dearo සමාගමට BWIO සම්මාන ත්‍රිත්වයක්