IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමග Cinnamon Lifeහි යටිතල පහසුකම් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමග එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින් සමන්විත වන අතර DIMO හි අති නවීන මෙන්ම අනාගතයට ගැලපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ තාක්ෂණයෙන් එය සවිබල ගැන්වේ.
ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා, DIMO විසින් විශ්වසනීයත්වය සහ නිරවද්‍රතාව සඳහා ගෝලීය වශයෙන් පිළිගැනීමක් ලද Siemens Sinteso Fire Detection and Alarm System මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා ඇත. මෙම පද්ධතිය ASAtechnology™ විශේෂාංගයෙන් යුත් අතර එහි බහු-සංවේදක උපාංග මගින් ව්‍යාජ-අනතුරු ඇඟවීම්වලින් තොරව නිවැරදිව අනතුරු හඳුනා ගැනීමේ ඉහළ හැකියාවක් ලබා දෙයි.
FK-5-1-12 clean agent තාක්ෂණය සහිත Siemens Sinorix 5112 Fire Suppression System මගින් වේගවත් මෙන්ම පරිසර හිතකාමී ගිනි නිවීමේ විසඳුම් මෙහිදී සපයා දී ඇත. එමගින් දේපල සහ දත්තවලට ඇතිවිය හැකි අවදානම අවම කරමින් තීරණාත්මක මෙහෙයුම් කලාප සුරක්ෂිත කරයි.
ව්‍යාපෘතියේ HVAC, ආලෝකකරණය, ගින්නෙන් ආරක්ෂාව, බලශක්ති පද්ධති, සෝපාන සහ ජල සැපයුම් පාලනය ආදිය Siemens හි Building Management System (BMS) හරහා ස්වයංක්‍රීය කරයි. එමගින් බලශක්ති කාර්යක්ෂමතාව, සුවපහසුව සමග මෙහෙයුම් විශිෂ්ටත්වයක් අත්පත් කරගැනීමට Cinnamon Life ව්‍යාපෘතියට හැකියාව ලැබේ.
Cinnamon Life ව්‍යාපෘතිය සඳහා ගොඩනැගිලි සේවා විසඳුම් ලබාදීමේදී DIMO හි ප්‍රධාන හවුල්කරු ලෙස කටයුතු කළ ගෝලීය තාක්ෂණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Siemens, ව්‍යාපෘතියේ සැලසුම් අවධියේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා සිය දායකත්වය ලබා දෙනු ලැබීය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා DIMO වෙත මනා මගපෙන්වීමක් මෙන්ම දැනුමක් ද Siemens විසින් ලබා දෙන ලදී.
මෙහි තවත් එක් පියවරක් ලෙස DIMO විසින් ඉහළ කාර්යසාධනයක් සහිත ආලෝකකරණ විසඳුම් සැපයීම ද සිදුකරන ලදී. මෙම ස්මාර්ට් විසඳුම ඔස්සේ ආලෝකය ස්වයංක්‍රීයව පාලනය වේ. ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව මෙහි ලොබී, කොරිඩෝ සහ පොදු ස්ථාන ආලෝකවත් කර ඇති අතර, එමගින් බලශක්ති පරිභෝජනය සහ මෙහෙයුම් පිරිවැය අවම කරමින් මනා අත්දැකීමක් එම ස්ථානය වෙත පැමිණෙන සියලු‍ම දෙනා වෙත පිරිනමයි.
මෙහි උසස් Access Control System මගින් RFID cards, biometrics, PIN pads සහ vehicle recognition භාවිත කරමින් ආරක්ෂිත සහ පහසු පිවිසුම් හැකියාවක් ද මේ තුළින් ලබා දෙයි. Fire alarms, CCTV සහ BMS platforms සමග මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී තිබේ. එමගින් නිවාස, වාණිජ කලාප සහ සේවා ස්ථානවල ආරක්ෂාව වැඩිදියුණු කරයි.
Dome, bullet, PTZ, thermal සහ ANPR කැමරාවලින් මෙහි ඇති CCTV Surveillance System හරහා දින 07 පැය 24 පුරාම මනා ආවරණයක් ලබා දෙයි.
මෙහි Public Address System මගින් දෛනික යාවත්කාලීන කිරීම්වල සිට හදිසි ඉවත් කිරීම් දක්වා සන්නිවේදනය සහතික කරයි. අභ්‍යන්තර සහ බාහිර අවකාශ හරහා වේගවත්, පැහැදිලි පණිවිඩ හුවමාරු කර ගැනීමට හැකිවන ලෙස මෙම සන්නිවේදන පද්ධති පිහිටුවා ඇත.

 



අදහස් (0)

DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමග Cinnamon Lifeහි යටිතල පහසුකම් සවිබල ගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site