IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර්වල රබර් ට්‍රැක් සඳහා වගකීමේ සහතිකය

  • මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL  හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි

හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු සහ එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු කාලය පිළිබඳ විශ්වාසය තවත් සවිමත් කරමින් වැඩ පැය 500ක් දක්වා වගකීම් කාලයක් DIMO සමාගමේ කෘෂි අංශය වන DIMO Agribusinesses ලබාදෙනවාත් සමඟ මෙවර යල කන්නයේ දී LOVOL පාරිභෝගිකයන් සඳහා ගෙයින් ගෙයට ගොස් ලබාදෙන LOVOL සේවා සත්කාරය සහ DIMO  බට්ටා ලොරි රථ දිනා ගැනීමට අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය යල කන්නය ඉලක්ක කරගනිමින් දියත් කරන ලදී.

සාමාන්‍යයෙන් ඕනෑම හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයත් සමඟම ඉක්මනින් ක්ෂය වන නිසා අනෙකුත් සියලු‍ සමාගම් ඒ සඳහා වගකීමේ කාලයක් ලබා දෙනු නොලැබේ. මේ සඳහා විසඳුමක් ලෙස DIMO සමාගම සිය LOVOL හාවස්ටර් සඳහා යොදාගන්නා රබර් ට්‍රැක් සඳහා ආයු කාලය වැඩි කර මුල් වැඩ පැය 300 සඳහා සම්පුර්ණ වගකීම් සහතිකයක් ද, වැඩ පැය 300 සිට 500 දක්වා යන්ත්‍රයේ ක්‍රියාකාරි කාලයට සමානුපාතික වන ලෙස වගකිම් සහතිකයක් ද ලබාදීමට කටයුතු කර ඇත. මෙයට අමතරව DIMO සිය LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා අසමසම වසර දෙකක වගකීමක් ද පිරිනමයි.

තවද මෙවර යල කන්නයට සූදානම් වන LOVOL හාවස්ටර් හිමිකරුවන්ගේ නිවෙස්වලටම ගොස් හාවස්ටරය නොමිලේ පරීක්ෂා කර ඔවුන්ට අවශ්‍ය සියලු‍ම අමතර කොටස්, තාක්ෂණික දැනුම, සහ අලු‍ත්වැඩියා සේවා ලබාදෙමින් DIMO ආයතනය LOVOL සේවා සත්කාරය දියත් කරන ලදී. LOVOL සේවා සත්කාරයෙන් නොමිලේ සිය LOVOL හාවස්ටරය පරීක්ෂා කර ගැනීම සඳහා හිමිකරුවන් විසින් දිනයක් සහ වේලාවක් DIMO සේවා කණ්ඩායම අමතා සිය ප්‍රදේශයට අදාළ සේවා දින වකවානු තුළ වෙන්කර ගන්නා ලදී. මෙහිදී නොමිලේ පරික්ෂාවට අමතරව නිතර අත්‍යවශ්‍ය වන අමතර කොටස් ද DIMO සේවා කණ්ඩායම හිමිකරුවන්ගේ නිවෙස්වලට ගෙන එමින් නඩත්තු සේවාව එම මොහොතේම සම්පුර්ණ කිරීම නිසා හාවස්ටර් හිමිකරුවන්ගේ මුදල් සහ කාලය ඉතුරු කරගැනීමේ හැකියාව ද ඔවුන්ට‍ ලැබිණි. ඒ වගේම මේ සේවා සත්කාරය තුළදී ලබාදෙන ලද සේවා උපදෙස් සහ තාක්ෂණික දැනුම කන්නය තුළ බාධාවකින් තොරව සිය වගාකටයුතු කිරීම සඳහා ඔවුන්ට ප්‍රයෝජනවත් වී ඇත.

LOVOL පාරිභෝගිකයන් සඳහා මෙතෙක් කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුළ දිනුම් ඇදීමක් හරහා ලබාදෙන වටිනාම ත්‍යාගය වූ DIMO බට්ටා ලොරි රථ 5 ක් දිනාගැනීමේ අවස්ථාව සලසමින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය මෙවර යල කන්නයේදී සමාගම විසින් හඳුන්වා දෙන ලදී. මෙහිදී 2025 මැයි මස 01 වැනිදා සිට ජූලි මස 31 දක්වා LOVOL හාවස්ටර් යන්ත්‍රයක් මිලදී ගන්නා හිමිකරුවන් අතරින් දිනුම් ඇදීමෙන් තෝරාගන්නා ලද ජයාග්‍රහකයන් පස්දෙනෙකුට අලු‍ත්ම DIMO බට්ටා ලොරි රථ පහක් දිනාගැනීමට අවස්ථාව හිමි වේ. මිලදී ගන්නා සෑම නවතම LOVOL RG108 Plus හාවස්ටර් යන්ත්‍රයක්ම කුසපත් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර අගෝස්තු මාසයේදී දිනුම් ඇදීම සිදුකරනු ලබයි.



අදහස් (0)

DIMO වෙතින් ගෙනෙන LOVOL හාවස්ටර්වල රබර් ට්‍රැක් සඳහා වගකීමේ සහතිකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site