IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


DIMO ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවෙන් යුත් සේවා සංස්කෘතිය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරන ලදී . 

අධ්‍යාපනය සහ දැනුවත්භාවය ඔස්සේ කාන්තාවන් සවිබල ගන්වමින් සේවා ස්ථාන නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව විද්වත් සාකච්ඡාවක්, වගේම පසුගිය වසර 10 තුළ ස්ත්‍රීන්ට හිතකර සේවා ස්ථානයක් ලෙස DIMO ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කතිකාවතක් සහ ‘Powerfully You’ කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ DIMO කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහතිකපත් බෙදාදීම මෙහිදී සිදුකෙරිණි. එමෙන්ම DIMO කාන්තා කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ විලාසිතා දැක්මක් ද මෙම අවස්ථාවට ඇතුළත් විය.
විනිසුරු ශිරානි තිලකවර්ධන, සරත් ගනේගොඩ, ව්රායි රේමන්ඩ්, ආචාර්ය සුලෝචනා සේගේරා සහ ක්ෂණිකා රත්නායක වැනි ප්‍රවීණයන්ගෙන් යුත් විද්වත් මඬුල්ලක් විසින් මෙම කතිකාවත මෙහෙයවනු ලැබීය. කාන්තාවන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා සේවා ස්ථානයේ ආකල්ප වෙනස් කිරීමේ අවශ්‍යතාව සහ ගෞරවනීය සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී ඔවුන් විසින් අවධාරණය කරන ලදී.

මෙහිදී DIMO හි විධායක අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය, ගෞරවනීය සහ ආරක්ෂිත සේවා ස්ථානයක් යනු හුදෙක් සදාචාරාත්මක අවශ්‍යතාවක් පමණක් නොවන බවත් එය DIMO හි තිරසාර සැලැසුමේ තවත් තීරණාත්මක අංගයක් වන බවත් ප්‍රකාශ කළාය. මෙම ප්‍රවේශයේ අරමුණ වන්නේ 2030 වසර වන විට තීරණ ගැනීමේ භූමිකාව තුළ කාන්තා නියෝජනය සියයට 40ක් දක්වා වර්ධනය කිරීම බවත් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ඇති බාධක අධ්‍යාපනය සහ දැනුවත් භාවයෙන් බිඳ දැමිය හැකි බවත් එය දිගුකාලීන සාර්ථකත්වය ප්‍රවර්ධනය කරන සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඇති හොඳම ක්‍රමයවේදය බවත් ඇය තවදුරටත් පැවසුවාය. 

මෙහිදී දිල්රුක්ෂි මහත්මිය විසින් සමාගම තුළ කාන්තාවන් පිළිබඳ ආකල්පය වෙනස් කිරීම සහ ඔවුන් බලගැන්වීම කෙරෙහි ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන් පිළිබඳව ද සඳහන් කළාය. දැනුවත්භාවය ඇති කිරීම, කළමනාකරුවන් පුහුණු කිරීම සහ කාන්තාවන්ට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආදි කරුණු මේ සඳහා ඇතුළත් වන බව ඇය ප්‍රකාශ කළ අතර යම් හිරිහැරයක් සිදුවුවහොත් ඒ පිළිබඳ ස්වාධීනව වාර්තා කිරීම සඳහා ලබාදී ඇති DIMO හි දුරකථන මාර්ගය ඔස්සේ බියෙන් තොරව ඒ පිළිබඳව වාර්තා කිරීමට සේවකයන්ට අවස්ථාව ලබා දී ඇති බවද පැවසුවාය. 



අදහස් (0)

DIMO ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site