IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


DFCC බැංකුවේ ‘Ride for Life’ මෙවරත් සාර්ථකව පැවැත්වේ

DFCC බැංකුව වාර්ෂිකව සංවිධානය කරන ‘Ride for Life’ පාපැදි සවාරියේ 2025 අදියර පසුගිය ජූනි 22 ද‌ා පාපැදිකරුවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශාරීරික යහපැවැත්ම හා එකමුතු බව ප්‍රවර්ධනය කිරීම සහ දිවි නසාගැනීම් වැළැක්වීම අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරිය මෙවර DFCC බැංකුවේ 70 වැනි සංවත්සරයට සමගාමීව පවත්වන ලදී.
‘Ride for Life 2025’ පාපැදි සවාරියේදී පාපැදිකරුවෝ කොළඹ වරාය නගරය ඇතුළු දර්ශනීය ස්ථාන රැසක් පසුකරමින් කිලෝමීටර් 15 ක දුරක් ධාවනයේ යෙදුණාහ. DFCC බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. තිරසාරත්වය යනු පාරිසරික සහ ආර්ථික ඉලක්කයක් පමණක් නොවන බවත්, එය රටේ සමාජයීය හා මානසික යහපැවැත්ම තහවුරු කරගැනීම ඔස්සේ ළඟා කරගත යුතු දෙයක් බවත් මෙහිදී අවධාරණය කරන ලදී. ‘Ride for Life’ වැඩසටහන DFCC බැංකුවේ ආයතනික සමාජ වගකීම් ක්‍රමෝපායේ ‘ව්‍යායාම’ අංශය යටතේ පවත්වනු ලබන්නකි. DFCC බැංකුව දීර්ඝ කාලයක පටන් අනුගමනය කරන මෙම ක්‍රමෝපායි වගකීම් සහගත සංවර්ධනය’ යන තේමාව පදනම් කරගනිමින් නිර්මාණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ මෙය හුදෙක් කායික ක්‍රියාකාරකම් මූලික කරගත් වැඩසටහනක් පමණක් නොවන බවයි. එය ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙන්ම, අද දවසේ කාගේත් අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතු කාරණයක් වන දිවි නසාගැනීම් වැළැක්වීම යන අරමුණු මුල්කරගත් සමාජ සත්කාරයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.



අදහස් (0)

DFCC බැංකුවේ ‘Ride for Life’ මෙවරත් සාර්ථකව පැවැත්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site