DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, Lanka Money Transfer (LMT) හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමනිබඩු මල්ලක්’ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම වැඩසටහන, විදේශගතව සේවය කරන ලාංකිකයන්, මෙරට ආර්ථික ස්ථාවරත්වයට දක්වන සුවිශේෂී දායකත්වය අගය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනලද ප්‍රවර්ධන වැඩසටහනකි.
2025 ජූලි මස 15 වැනි දින සිට ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, සෑම මසකම DFCC බැංකුවේ ගිණුම් හිමියන් 70 දෙනකුට රුපියල් 10,000ක් වටිනා සුපිරි වෙළෙඳසල් වවුචර් පිරිනැමේ. මෙම ජයග්‍රාහකයන්, ප්‍රවර්ධන කාලසීමාව තුළ සෑම මසකම DFCC බැංකු ගිණුම් වෙත LMT හරහා ලැබෙන පළමු විදේශ ප්‍රේෂණ 70 පදනම් කරගෙන ස්වයංක්‍රීයව තෝරා ගනු ඇත. ජයග්‍රාහකයන් සඳහා හිමිවන මෙම වවුචර් ලංකාව පුරා පිහිටි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැලක් හරහා මිලදී ගැනීම් සඳහා භාවිත කළ හැකිය.
DFCC බැංකුවේ ගිණුම්වලට මුදල් ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට මෙම වැඩසටහනට සහභාගී වීම අතිශය සරල වන අතර, ඒ සඳහා විශේෂ අයදුම්පත් හෝ ලේඛන අවශ්‍ය නොවේ. ගනුදෙනුකරුවන් DFCC බැංකු ගිණුමකට LMT හරහා මුදල් එවීමෙන් මේ සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි. සිදුකරන ගනුදෙනු සංඛ්‍යාව නොසලකා, සිව් මසක ප්‍රවර්ධන කාලය තුළ එක් පාරිභෝගිකයකුට එක් වරක් පමණක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමි වේ. මෙහිදී විශේෂත්වය වන්නේ මුදල් ප්‍රේෂණ තමන්ගේම ගිණුමකට පමණක් නොව තම සමීපතමයන්ගේ බැංකු ගිණුමකට එවීම මගින්ද මේ සඳහා සුදුසුකම් ලැබීමයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන, දිගුකාලීන සබඳතා ගොඩනැගීම සහ සර්ව සම්පූර්ණ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා DFCC බැංකුවේ පුළුල් කැපවීමේ ප්‍රතිඵලයකි. විදේශ මුදල් ප්‍රේෂණවල ආර්ථික වැදගත්කම පිළිබඳ අවධානය යොමුකිරීම හරහා මෙරට පවුල්වල අභිවෘද්දිය උදෙසා නිරතුරුවම කැපවෙන විශ්වාසනීය සහකරුවකු ලෙස DFCC බැංකුව සිය කාර්යභාරය තවදුරටත් තහවුරු කරයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
DFCC බැංකුවෙන් “බඩු මල්ලක්” විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනක්