ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වනDFCC බැංකුව ඩිජිටල්කරණයේ නව අදියරක් වෙත පියනගමින්, තම විශ්වසනීයData Center සැපයුම්කරු ලෙස OrionStellar ආයතනය තෝරාගෙන තිබේ.
මෙම ව්‍යාපාරික සබැඳියාව හරහා OrionStellarතම තාක්ෂණ විශ්වසනීයත්වයේ තත්ව සහතික හා ආරක්ෂණ ක්‍රමවේද උපයෝගී කොට DFCC බැංකුවට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් නියාමන ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ පහසුකම් සැපයීමට සහාය වනු ඇත.
තිරසාරභාවය හා ඩිජිටල් පරිවර්තනය පිළිබඳ DFCC බැංකුවේ අඛණ්ඩ නව්‍යත්වය මේ සබැඳියාවෙන් සනිටුහන් වන අතර, OrionStellar Data Center හි ඉහළ විදුලි කාර්යක්ෂමතාව බැංකුවේ දීර්ඝ කාලීන පරිසර හිතකාමී සහ පාරිසරික වගකීම් සුරැකීමේ ක්‍රියාදාමයට ද මැනවින් අනුකූල වේ.
ආයතනයක් තුළData Center එකක් පවත්වාගෙන යාම විශේෂ පිරිවැයක් සහ මෙහෙයුම් සංකීර්ණතා දරමින් කළමනාකරණය කළ යුතු ක්‍රියාවලියකි. OrionStellar Data Center සමඟ ඇති කරගත් ව්‍යාපාරික සබඳතාව හරහා DFCC බැංකුවට මෙවැනි සංකීර්ණතා රහිතවම, අඛණ්ඩව පැය 24 පුරා තාක්ෂණ සහයෝගය සැපයෙන, සම්පූර්ණයෙන්ම කළමනාකරණය වන ගෝලීය මට්ටමෙ Data Center පහසුකම් හිමිවන අතර අභියෝගයකින් තොර විශිෂ්ට බැංකු සේවාවක් සැපයීමට අනුබල ලැබේ. OrionStellar Data Center කොළඹ නගර සීමාව තුළ පිහිටා තිබීම, ළඟාවීමේ පහසුව හා එහි අඛණ්ඩ සේවා විශ්වාසනීයත්වයට තවත් පිටුවහලක් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින්DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන තොරතුරු නිලධාරී වින්ද්‍ය සෝලංගආරච්චි මහතා මෙසේ පැවසුවේය. DFCC බැංකුව ශ්‍රී ලංකාවේ උසස්ම පාරිභෝගික කේන්ද්‍රගත බැංකුව ලෙස තම ස්ථාවරත්වය සවිමත් කරන අතරම ආරක්‍ෂාව, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය ඉහළ නංවන නව්‍යකරණයට හැමවිටම ප්‍රමුඛත්වය දෙනවා. එබැවින්, OrionStellar වෙතින් සුරක්ෂිත, තිරසාරසම්පන්න කාර්යක්ෂම සහ සේවය කේන්ද්‍ර කොටගත් පූර්ණ සහාය DFCC බැංකුවේ විශිෂ්ට ඩිජිටල් බැංකුකරණය පාරිභෝගිකයන්ට සැපයීමේ මෙහෙයට ලැබෙනවා.
OrionStellar සමග ඇති කරගත් මේ සහයෝගීතාව DFCC බැංකුවේ ඩිජිටල් පරිණාමයේ තවත් පියවරක් සටහන් කරන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල ව්‍යුහයේ ප්‍රගමනයේද ලකුණක් වේ. Orion City IT Park දැක්මෙහි දිගුවක් වන OrionStellar ආයතනය, නවීනData Center සේවා සැපයීමේ විශිෂ්ට හා නව්‍ය ශ්‍රී ලාංකේය පෙරගමන්කරුවකු ලෙසDFCC බැංකුව වැනි ව්‍යාපාර සහ සේවාදායකයන්ට අඛණ්ඩ, මිත්‍රශීලී සහාය ලබාදෙයි.
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) සංවිධානය කළ වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී (Annual Product Awards) දේශීය අමුද්
බෞද්ධයන්ගේ මහා මංගල්‍යය වෙසක් මංගල්‍යයයි. සමහරු තොරණ ගසති. දන්සල් දෙන ඇත්තෝද වෙති. දාන, ශීල, භාවනා වැඩසටහන්වල නිරතවන්නෝද හිඟ නොවෙති.
ඇමරිකා එක්සත් ජනපදයේ එදිනෙදා භාණ්ඩ හා සේවා සම්බන්ධ පාරිභෝගික විශ්වාසය දහ තුන් වසරකට මෙපිට ඉතිහාසයේ අඩුම අගයකට පත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා ක
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
DFCCබැංකුවේ විශ්වසනීය Data Center සැපයුම්කරු OrionStellar