IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි


Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළDBL Night  කොළඹ Cinnamon Life  හෝටලයේදී පැවැත්විණි. 2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ  Dongcheng  සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු ජෝ චෙන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. 

එහිදී  DBLයන්ත්‍රෝපකරණ, Dongcheng බල මෙවලම්, අමතර කොටස්, අනෙකුත් උපාංග වැනි අංශවලට අදාළ ඉලක්ක සැපිරූ අලෙවි නියෝජිතයන්ට තෑගි වවුචර් ඇතුළු ත්‍යාග රැසක් පිරිනැමිණි. Dongcheng  බල මෙවලම් අංශයේ කැපී පෙනෙන අලෙවි ඉලක්ක ළඟා කර ගත් අලෙවි නියෝජිතයන් 30කට දින පහක කාලයකට චීනයේ ෂැන්හයි බලා යාමට  සහ ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර පිරිනැමිණි. එම සංචාරයේ සියලු‍ වියදම් සමාගම දරයි. සංචාරයේදී Dongcheng  කර්මාන්තශාලාව නැරඹීමටද ඔවුන්ට අවස්ථාව ලැබේ. 

ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන DBL සමාගම ඔවුන්ගේම සහ එක්සත් ජනපදය, චීනය, තායිවානය, ඉන්දියාව, ජර්මනිය සහ තවත් බොහෝ රටවලට අයත් සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් අලෙවි කරයි. 

පසුගිය කාලයේදී එම සමාගම දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. ගෝලීය සන්නාමයක් වන OREGON පිරිනමන ඇගැයීම් සම්මාන, 2024දී චීනයේ පැවැති වෙළෙඳ සහකරු සම්මේලනයේදී දිනූ ආසියා පැසිෆික් කලාපයේ විශිෂ්ටම අලෙවිකරු සම්මානය, ආසියා පැසිෆික් කළාපයේ ඉහළම කාර්ය සාධනයක් සහිත බෙදා හරින්නා වෙනුවෙන් පිරිනමන Champions of All Champions සම්මානය ඔවුන් දිනූ ජාත්‍යන්තර සම්මාන අතරින් කිහිපයකි. සිය නිෂ්පාදන වපසරිය වඩාත් පුළුල් කරමින් ඉදි කිරීම්, වාහන, කෘෂිකාර්මික, කාර්මික, දැව නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වර්ධනයට දායක වීමDBL  සමාගමේ ප්‍රධාන අරමුණ වේ.



අදහස් (0)

DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site