IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


Culinary Art & Food Expo ප්‍රදර්ශනයේදී බයිරහා සිය හැකියාව ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය සහ ලෝක සූපවේදීන්ගේ සංසද සංගමය විසින් සංවිධානය කරන ලද 2025 Culinary Art & Food Expo ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
දශක දෙකක කාලයක් තිස්සේ පවත්වනු ලබන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය දහස් ගණනක් සූපවේදීන්ට තම දක්ෂතාව හා හැකියාව ප්‍රදර්ශනය කිරීමටත්, ඒවාට ඇගැයීමක් ලබා ගැනීමටත් මහඟු අවස්ථාවක් විය. මෙරට සූපවේදීන් වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික උත්සව අතර වැදගත් ස්ථානයක් හිමිවන මෙම Culinary Art & Food Expo ප්‍රදර්ශනය රට පුරා සිටින සූපවේදීන්ට කදිම අස්වැසිල්ලක් වූ අතර, සූපශාස්ත්‍ර කලාව සාර්ථක වෘත්තියක් ලෙස ඉදිරියට ගෙන යාමේ පළමු පියවර තැබීමටද මෙහිදී බොහෝ පිරිසකට හැකි විය. එසේම මෙරට තරුණ සූපවේදීන්ට ලෝක සූපවේදීන්ගේ සංසද සංගමයේ (WACS) අනුමැතිය සහ මග පෙන්වීම සමග සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම සැමරීමට, ඊට සම්බන්ධ වීමට මෙන්ම ගෝලීය ප්‍රමිති, බීට් පිළිවෙත් සහ නව ප්‍රවණතා වෙත නිරාවරණය වීමට අසමසම අවස්ථාවක් උදා කර දීමද විශේෂත්වයක් විය. බයිරහා ෆාම්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යකූබ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. “ආහාර පිසීම සහ ප්‍රණීත කෑම වර්ග සක්ස් කිරීම සඳහා තමන් භාවිත කරන සම්පත් ඉතා වැදගත් වන බව මෙම අවස්ථාවලින් අපට මනාව පෙන්වා දී තිබෙනවා. ඉවුම් පිවුම් කෙරෙහි දක්වන විශේෂ උනන්දුව හේතුවෙන් මනා හැකියාවෙන් සපිරි, තරගකාරී සූපවේදීන් අලුත් හා සුවිශේෂ කෑම වර්ග නිර්මාණය කිරීමට කටයුතු කළ ආකාරය අපට මෙහිදී හොඳින් දැකගන්නට ලැබුණා. 
බයිරහා ෆාම්ස් පීඑල්සී හි සන්නාම කළමනාකාර රවීන් මධුශංක මහතා මෙසේ සඳහන් කළේය. “මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් බයිරහා සන්නාමයට කළ හැකි බලපෑම හා ආකර්ෂණය පිළිබඳව ඉතා සතුටට පත්වනවා. එසේම මෙම ප්‍රදර්ශනය සඳහා ඉතා සාර්ථක අයුරින් සහභාගී වීමට බයිරහා ආයතනයට ශක්තිය ලබා දුන් සහභාගී වූ සියලු දෙනාට මෙන්ම සත්කාරකත්වය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පළ කරනවා.



අදහස් (0)

Culinary Art & Food Expo ප්‍රදර්ශනයේදී බයිරහා සිය හැකියාව ප්‍රදර්ශනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site