IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


City of Dreams Sri Lanka හි NUWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

ශ්‍රී ලාංකේය සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Melco Resorts & Entertainment ට අයත් ජාත්‍යන්තරව පිළිගත්  NUWA  සුඛෝපභෝගී හෝටල් සන්නාමය City of Dreams Sri Lankaපසුගියදා ඉතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. 
Melco සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි ^JKH ශක්තිමත් හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයට එක් වන මෙම සමාරම්භය ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අති සුඛෝපභෝගී සංචාරක ගමනාන්තය බවට පත් කිරීමේ සුවිසල් ඉදිරි පියවරක් ලෙසද පෙන්වා දිය හැකිය. 
2018 වසරේදී මැකාවු සහ මැනිලා යන නගරවලදී ප්‍රථම වරට හඳුන්වා දුන් NUWA සන්නාමය නවීනත්වය, නවෝත්පාදනය හා සංස්කෘතික විවිධත්වය සමගින් ඵැකජදහි විශිෂ්ටත්වය නියෝජනය කරනු ලබයි. ‘NUWAහි අනන්‍යතාව දකුණු ආසියාවට හඳුන්වා දෙමින් සුන්දර කොළඹ නගරය තවතවත් අලංකාර කර ඇත්තේ චීන සුරංගනා කතාවල දේවතාවියකගේ ආභාෂය ලබමිනි. ශ්‍රී ලාංකේය උරුමය සමගින් තමන් කැමැති ආකාරයෙන් රස විඳිය හැකි මනා සබඳතාවක් මේ තුළින් පාරිභෝගිකයන් වෙත උදා කර දීමට NUWA කටයුතු කර ඇත.
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka  ව්‍යාපෘතිය තුළ පිහිටා ඇති NUWA සුඛෝපභෝගී හෝටලය කාමර 113කින් සමන්විතය. සාගරයට මුහුණලා ඇති කාමර, නගරය වඩා හොඳින් දර්ශනය වන සුඛෝපභෝගී කාමර, සුවපහසු හා විධායක ශ්‍රේණියේ කාමර මෙන්ම රාජ්‍ය නායකයන් හෝ වෙනත් සුවිශේෂී අමුත්තන් සඳහා වන කාමර ඊට අයත් වේ. මෙහි විශේෂත්වය වන්නේ සෑම කාමරයක්ම දර්ශනීය ඉන්දියන් සාගරයේ චමත්කාරය මෙන්ම කොළඹ නගරයේ සුන්දරත්වය රිසි සේ අත්විඳීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීමයි.
තවද අති නවීන පුද්ගලික විවේකාගාරයක් වන The Vault”  ප්‍රණීත බටහිර ආහාර හා අතින් සාදන ලද පාන වර්ග සහිත Crystal Lounge” ජෑස් සංගීතය සමගින් තමන් කැමැති පාන වර්ගයක් රස විඳිමින් නගරය සිත් සේ දැක ගැනීමට හැකි Pool Bar  තුලින්ද අමුත්තන්ට ආහාර හා විනෝදාස්වාදය නොඅඩුව භුක්ති විඳීමට මෙහිදී පහසුකම් සැලසේ. තවද අධි සුඛෝපභෝගී කාමර භාවිත කරන අමුත්තන්ට තමන්ටම වෙන් වූ කාමර කොටසක ආහාර රස බැලීමේ අවස්ථාව මෙන්ම තමන් කැමැති පරිදි විනෝද වීමේ අවස්ථාවද මෙහිදී සලසා දී ඇත. එමෙන්ම La Bottega විසින් නිර්මාණය කරන ලද ඉතාලි නිර්මාණ මෙන්ම පරිසර හිතකාමී සුවය විඳීමේ පහසුකම්ද NUWA විසින් අමුත්තන්ට ලබා දෙන්නේ සිය සුඛෝපභෝගී හා තිරසාර සේවාව වෙනුවෙන් වන කැපවීම තව තවත් ශක්තිමත් කරමිනි.

 



අදහස් (0)

City of Dreams Sri Lanka හි NUWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site