IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


Ceylon Pharma ප්‍රධානියාගේ කෘතිය නවදිල්ලි නුවරදී එළිදකී -

Ceylon Pharma College කළමනාකරණ අධ්‍යක්ෂ සහ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ  වෙනසක් කළ වෘත්තිකයකු වන දිලිප් ෆොන්සේකා විසින් රචිත Rising Above Challenges for Success’  කෘතිය ඉන්දියාවේ නව දිල්ලියේ මයුර් විහාර්හි පැවැති අන්තර්ජාතික සම්මාන උළෙලේදී එළි දක්වන ලදී. ඊට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ සහ අධ්‍යාපනඥයෝ රැසක් සහභාගී වූහ. 

සාර්ථකත්වය කරා පැමිණි ගමනේදී ඔහු මුහුණ දුන් අභියෝග ජය ගනිමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් එම කෘතිය රචනා කර ඇත. අධ්‍යාපනඥයන්ට, සිසුන්ට, වෘත්තිකයන්ට, ඖෂධවේද ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට නව්‍යකරණය, කැපවීමෙන් වෘත්තීය සහ පෞද්ගලික වර්ධනය ළඟා කර ගැනීමට එම කෘතිය ඉවහල් වනු ඇත.

වසර ගණනාවක් රජයේ ඖෂධවේදියකු ලෙස සේවය කළ ෆොන්සේකා පසුව ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියමුවකු බවට පත් විය. ඔහු 2020දී ඇරැඹූ Ceylon Pharma College වර්තමානයේදී ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතනයක් බවට පත් වී තිබේ. ඔහු 3,000කට අධික වෘත්තිකයන් පිරිසකට දැනුම සපයා ඇති අතර වර්තමානයේදී Ceylon Pharma College ඉගැනීම අවසන් කර ඇති සිසු කණ්ඩායම් සංඛ්‍යාව 23කි.

එය ශ්‍රී ලංකාවේ ඖෂධවේදය පිළිබඳ විශිෂ්ටම අධ්‍යාපන ආයතනය ලෙස Asia Miracle හා Pinnacle සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර විය. ෆොන්සේකා ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් Asia’s Icon  සම්මාන උළෙලේදී ඖෂධවේද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී චින්තකයා’, Asia Awards  සම්මාන උළෙලේදී සම්මාන උළෙලේ‘Excellence in Pharama Education’  යන සම්මානවලින් පිදුම් ලැබීය. 



අදහස් (0)

Ceylon Pharma ප්‍රධානියාගේ කෘතිය නවදිල්ලි නුවරදී එළිදකී -

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site