IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Cecrafto විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාම සම්මාන දිනයි

කොම්බුචා පාන වර්ග නිපදවන ශ්‍රී ලාංකික සමාගමක් වන Cecrafto පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී තේ, අගය එකතු කළ තේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2021 දී ඇරැඹුණු Cecrafto සමාගම ශ්‍රී ලාංකික තේ සහ පලතුරු වර්ග යොදා ගනිමින් උසස් තත්වයේ කොම්බුචා පාන වර්ග නිපදවයි. 

එම නිෂ්පාදන සීනි සහිත පාන වර්ග වෙනුවට පරිභෝජනය කළ හැකි සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස කීර්තිනාමයක් දිනා ඇත. සාම්ප්‍රදායික පැසවීම් ශිල්පීය ක්‍රම නව්‍ය රස සමග මිශ්‍ර කරමින් එම සමාගම නිපදවන පැෂන් ෆෘට් කොම්බුචා, පැණිකොමඩු කොම්බුචා, බිටර් ලයිම් කොම්බුචා, අන්නාසි කොම්බුචා ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති පාන වර්ගවලට දෙස් විදෙස් පාරිභෝගිකයන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලු‍මකි.

රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරුවකු වන රිෆාක් අහමඩ් වසරක් පුරා කළ නිෂ්පාදන සංවර්ධන පර්‌යේෂණයකින් පසු ඔහුගේ මිතුරකු වන මොහමඩ් අම්සර් සමග එක් වී Cecrafto කොම්බුචා දියත් කළේය. එම සමාගම නව්‍යකරණය, තිරසාරභාවය, ගුණාත්මකභාවය, ප්‍රජා සහයෝගය, සෞඛ්‍යය සහ සුවතාව යන වටිනාකම් මත පදනම් වී ක්‍රියාත්මක වේ. මෙරට තේ වතුවලින් සිය නිෂ්පාදනවලට අවශ්‍ය උසස් තත්වයේ තේ සපයා ගන්නා එම සමාගම කුඩා පරිමාණ වගාවල නිරත වන ගොවීන්ගෙන් පලතුරු සපයා ගනී. ගාල්ල දිස්ත්‍රික්කය පදනම් කරගෙන ඇරැඹුණු Cecrafto සමාගම මෙරට ප්‍රධාන සංචාරක ගමනාන්ත ආවරණය වන ශක්තිමත් පාරිභෝගික ජාලයක් ගොඩනගා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොම්බුචා සන්නාමය බවට පත්වීම දීර්ඝ කාලීන දැක්ම කරගත් එම සමාගම කොළඹ, ඇල්ල, ආරුගම්බේ, මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශවල සිය බෙදාහැරීම් කටයුතු පුළුල් කරමින් සිටී. විශේෂ කාලවල හටගන්නා පලතුරු යොදාගෙන විශේෂ රසවලින් යුතු කොම්බුචා නිපදවීම සහ ඩිජිටල් අලෙවිකරණ කටයුතු ශක්තිමත් කිරීම එම සමාගමේ ඉදිරි සැලසුම් අතර ප්‍රධාන වේ. 2028 වන විට මෙරට සෞඛ්‍යමය පාන වෙළෙඳපොළෙන් සියයට 20 ක් පමණ දිනා ගැනීම සමාගමේ ඉලක්කයයි.



අදහස් (0)

Cecrafto විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාම සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site