IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Cambridge විශ්ව විද්‍යාලය්‍ TKTවිභාගයට පුහුණු කිරීමට ESOL College සැරසේ

ගුරු වෘත්තියේ නියැලෙන හා නියැලීමට බලාපොරොත්තු වන අයගේ කුසලතා සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමටESOL College International  හඳුන්වා දී ඇති Cambridge Teaching Knowledge Test (TKT)  පාඨමාලාවේ ජුලි කණ්ඩායමට මේ දිනවල සිසුන් බඳවා ගැනේ.  Online හෝ Physical මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු කළ හැකි මෙය ත්‍රෛමාසික පාඨමාලාවකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට Online හරහා මෙයට සහභාගි විය හැකි අතර සියලු‍ම Sessions, Interactive Sessions  ලෙස පැවැත්වේ. භාෂා ඉගැන්වීම පිළිබඳ මූලික පසුබිම; පාඩම් සැලසුම් කර ගැනීම; සම්පත් භාවිතය හා පන්ති කාමර කළමනාකරණය යන  TKT Modules  තුනටම අදාළ දැනුම පියවරෙන් පියවර ලැබිය හැකි පරිදි එම වැඩසටහන සැලසුම් කර තිබේ.   

ESOL College Internationalහි  ගුරු සංවර්ධන සහ පුහුණු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඉසුරි කත්‍රිආරච්චි මහත්මිය මූලිකව පාඨමාලාව මෙහෙයවයි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මූලික උපාධියත්, ඕස්ට්රේලියාවේ Macquarie විශ්ව විද්‍යාලයෙන් ව්‍යවහාරික භාෂා පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. දශකයක් පුරා පුහුණු කරන්නන් පුහුණු කර අත්දැකීම් රැසක් හිමි ඇය සහභාගි වන්නන්ගේ දැනුම සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට සරල හා ලෝකයේ දැනට භාවිත වන නවීන ක්‍රම අනුසාරයෙන් පාඨමාලාව මෙහෙයවයි. 

සෑම සැසියක්ම අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් පදනම් කර ගත් ඉගැන්වීමේ ක්‍රම භාවිතයෙන් පවත්වා TKT  විහාගය ඉහළ ලකුණු සහිතව සමත් වීමට අවස්ථාව සැලසීම සිය ප්‍රධාන අරමුණ බව ඇය පැවසුවාය.



අදහස් (0)

Cambridge විශ්ව විද්‍යාලය්‍ TKTවිභාගයට පුහුණු කිරීමට ESOL College සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site