

Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වූ අතර මෙරට කීර්තිමත් ආයතන සහ පුද්ගලයෝ රැසක් එහිදී සම්මානයට පාත්‍ර වූහ. සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (ශ්‍රී ලංකාවේ නේපාල තානාපති) සහ මහාචාර්ය, ආචාර්ය ඩියට්මාර් ඩෝරිං (AGSEP Research සභාපති/ නිර්මාතෘ සහBWIO අනුශාසක මණ්ඩල සාමාජික) සහභාගී වූහ.
ගෞරවනීය අමුත්තන් ලෙස තම් වයි ලෝන්ග් (ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්), මහාචාර්ය, ආචාර්ය රොහාන් ද සිල්වා (ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති), විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ, ආචාර්ය රොහාන් පල්ලෙවත්ත (විධායක සභාපති - ලංකා හාර්නස්), ආචාර්ය කිෂු ගෝමස් (සභාපති - Exterminators PLC, ඩ්‍රීම්රොන් සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සහ උපදේශක කමිටු සාමාජික - ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය), ඩයන් ගෝමස් (ජෝර්ජියානු කොන්සල්, සභාපති - කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ - නෙස්ලේ ලංකා) සහභාගී වූහ.
විශේෂ ආරාධිතයන් ලෙස රදගුරු, මහාචාර්ය, ආචාර්ය නිශ්ශංක වීරප්පුලිගේ (එක්සත් ජනපද BWIO උපදේශක මණ්ඩල සාමාජික), මහාචාර්ය, ආචාර්ය ඩේම් අනෝමා වීරරත්න විජේනායක (එක්සත් ජනපද BWIO උපදේශක මණ්ඩල සාමාජික), ජර්ඩ් හයින්සර්ලිං (එක්සත් ජනපද BWIO උපදේශක මණ්ඩල සාමාජික), ප්‍රියන්ත පද්මසිරි (ශ්‍රී ලංකා - කැනඩා ව්‍යාපාර කවුන්සිලයේ සභාපති), එම්.එච්.කේ.එම්. හමීස් (ශ්‍රී ලංකා - කැනඩා ව්‍යාපාර කවුන්සිලයේ උප සභාපති සහ ශ්‍රී ලංකා - මැලේසියා ව්‍යාපාරික කවුන්සිලයේ හිටපු සභාපති) සහභාගී වූහ. ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු (එක්සත් ජනපද BWIO සභාපති - ජාත්‍යන්තර අංශය), ආචාර්ය තරිඳු විජේනායක (එක්සත් ජනපද BWIO නියෝජ්‍ය සභාපති - ජාත්‍යන්තර අංශය) සහ ආචාර්ය එමරිටා විජේනායක (එක්සත් ජනපද BWIO ව්‍යාපෘති සභාපති සහ අධ්‍යක්ෂ - ජාත්‍යන්තර අංශය) පැමිණ සිටි ආරාධිතයන් උණුසුම් ලෙස පිළිගත්හ.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Business World International 2025 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත්ව