IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


BYD නවතම ප්‍රදර්ශනාගාරය රත්නපුරදී

BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමග එක්ව ඔවුන්ගේ සත්වැනි ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කළේය. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබාගැනීමේ අවස්ථාව ද BYD පාරිභෝගිකයන්ට ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් ශ්‍රී ලංකාව පුරා වේගයෙන් වර්ධනය වන පරිසර හිතකාමී වාහන පිළිබඳව වැඩි වශයෙන් උනන්දුවක් දක්වන පාරිභෝගික ජනතාව සඳහා උසස් තත්වයේ සහ තිරසාර ගමනාගමන විසඳුම් ලබාදීමට BYD සහ JKCG Auto හි කැපවීම පෙන්නුම් කරයි.
N M I EV Solutions පෞද්ගලික සමාගම සමග එක්ව විවෘත කරන ලද මෙම රත්නපුර නව BYD ප්‍රදර්ශනාගාරය බටුගෙදර, ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අතර සබරගමුව පළාතේ ජනතාවට BYD හි නව බලශක්ති වාහන පරාසය වෙත ප්‍රවේශවීමට සහ ඒවා මිලදී ගැනීමට හැකියාව ඇත. 
මෙම නව ප්‍රදර්ශනාගාරයේ SHARK 6, SEALION 6, DOLPHIN, SEALION 5 සහ විවිධ විදුලි වාහන මාදිලි ඇතුළුව BYD හි නවතම විදුලි සහ plug-in hybrid වාහන පරාසය ද සමන්විත වනු ඇත. එමෙන්ම BYD හි අනුමැතිය සඳහා සුදුසුකම්ලත් මෙන්ම නව බලශක්ති වාහන තාක්ෂණය පිළිබඳව නිශ්චිත පුහුණුවක් ලබා ඇති පළපුරුදු වෘත්තිකයන් මෙහි සේවය කරනු ලබයි.
BYD දැන් බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ක්‍රියාත්මක වේ. තවද මේ වනවිට කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර, කරාපිටිය, මාතර, තංගල්ල, පුත්තලම සහ මහනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක විදුලි වාහන Charge කිරීමේ මධ්‍යස්ථාන 21ක් BYD ස්ථාපනය කර ඇත.



අදහස් (0)

BYD නවතම ප්‍රදර්ශනාගාරය රත්නපුරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 129 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site