ශ්රී ලාංකික සිසුන්ට ජාත්‍යයන්තර සෞඛ්‍ය අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව
AAHS පදනම් පාඨමාලා සැසිරූ සිසුන්ට සෘජුවම අයැදුම් කිරීමේ අවස්ථාව
සා.පෙළ අවම සම්මානයක් ප්‍රමාණවත්
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය.
සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්වවිද්‍යාලයේ කුලපති ටැන් ශ්‍රී චව් වී කින්, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ, ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න, එහි අධ්‍යක්ෂිකා නදීකා ජයසිංහ ඇතුළු දෙපාර්ශවයේම ප්‍රධාන පෙළේ නිලධාරීහු මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.
සන්වේ විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම ශ්‍රී ලාංකික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය AAHS වන අතර, මෙමඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර සෞඛ්‍ය අධ්‍යාපනයක් ලැබීමේ අවකාශ උදාවනු ඇත. අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට මෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට පවා මේ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.
මෙම අවබෝධතා ගිවිසුමෙන් සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ AAHS පදනම් පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන්ට සන්වේ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් උපාධි පාඨමාලා තුනක් සඳහා ඍජුවම අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේ. හෙද, වෛද්‍ය ජෛව තාක්ෂණය සහ මනෝවිද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා විද්‍යාවේදී (ගෞරව) උපාධි සඳහා මෙලෙස අයදුම් කිරීමේ අවකාශ මෙරට සිසුන්ට හිමි වනු ඇත. සන්වේ විශ්වවිද්‍යාලය වෙතින් පිරිනමන සම්පූර්ණ උපාධි වැඩසටහන් පරාසය හඳුන්වා දීම සඳහා ඇති හැකියාව පිළිබඳ මේ වන විට අධ්‍යයනය කෙරෙමින් පවතී.
මෙම නවෝත්පාදන මාවත මඟින් අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ වහාම සිසුන්ට සෞඛ්‍ය අධ්‍යාපනය වෙත පිවිසීමට ඉඩකඩ සැලසෙන අතර, මේ පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවම සම්මාන සාමර්ථ 5ක් තිබීම ප්‍රමාණවත්ය. AAHS හි මාස අටක පදනම් වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු, සිසුන්ට සන්වේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් හිමිවන අතර, ඔවුන්ගේ අධ්‍යයන ප්‍රගතිය සැලකිය යුතු අයුරින් වේගවත් කරන්නට මෙය මහඟු අවස්ථාවක් ද වේ.
“ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රගතියක් ළඟා කරගන්නට මෙම හවුල්කාරීත්වය හේතුවක් වනු නොඅනුමානයි. වයස අවුරුදු 16 හෝ 17 සීමාවේ සිටින සිසුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන ගමන ආරම්භ කරන්නට අවස්ථාව සලසා දෙමින්, ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් ලබා ගන්නට AAHS වේගවත් මාර්ගයක් සකස් කර දී තිබෙනවා.” යනුවෙන් සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා සඳහන් කළේය.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
Asiri Academy of Health Sciences මැලේසියාවේ සන්වේ විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක