
ශ්රී ලංකාවේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන American Polymers පෞද්ගලික සමාගම ජාතික හා ජාත්‍යන්තර තලයේ තත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එම සමාගමේ තත්ව පාලන කවය (QCC) වන Flash QCC2410211 කණ්ඩායම ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන සංවිධානය (SLAAQP) සංවිධානය කළ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ජාතික සම්මේලනයේදී රන් සම්මානයක් දිනා ගත්තේය. එම ආයතනය විසින්ම සංවිධානය කරනු ලැබූ 49 වැනි තත්ව පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේදීද ඔවුන්ට තවත් රන් සම්මානයක් හිමි විය.
කැප් ස්නැප් ලංකා පෞද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයක් වන American Polymers තීන්ත, ඖෂධ, කිරි නිෂ්පාදන, ජලය, තේ, පලතුරු යුෂ, විනාකිරි, ඩිටර්ජන්ට් සහ රසකැවිලි ඇතුළු විවිධ කර්මාන්තවලට අවශ්‍ය ඇසුරුම් නිපදවයි. උසස් තත්වයේ පරිසර හිතකාමී ඇසුරුම්කරණ විසඳුම් සපයන එම සමාගමට අයත් නවීන කර්මාන්තශාලාව හෝමාගම, ආටිගල පිහිටා තිබේ. වසර 20 කට වැඩි කර්මාන්ත අත්දැකීම් සහිත එම සමාගම තිරසාරභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය යන අංශ කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරයි.

American Polymers ඖෂධ කර්මාන්තය සදහා විශේෂයෙන් නිර්මාණය කළ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ එකම ඇසුරුම් නිෂ්පාදකයා වේ. එම සමාගම ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් පූර්ණ ස්වයංක්‍රීය සහ බල ශක්ති අවශ්‍යතාව අවම නිෂ්පාදන ක්‍රියාවලියක් පවත්වා ගෙන යයි. නිරවද්‍යතාව සහ පිරිසුදු බව සහතික කරන අධිවේගී නිෂ්පාදන ක්‍රියාවලියෙන් බල ශක්ති අවශ්‍යතාව සියයට 50කින් ඉතිරි කළ හැකිය. වෘත්තීයභාවය, පාරිභෝගික තෘප්තිය සහ තාක්ෂණික දියුණුව පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන එම සමාගම දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. දහසකට වැඩි පිරිසකට රැකියා සපයා ඇති එම සමාගමේ නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් 10,000 ඉක්මවයි. වර්ග අඩි 300,000කට වැඩි පරිශ්‍රයක නිෂ්පාදන කටයුතු සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
American Polymers ජාතික - ජාත්‍යන්තර තත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දිනයි