ASUS සමාගම විසින් කෘත්‍රිම බුද්ධියෙන් (AI තාක්ෂණයෙන්) බලගන්වන ලද නවතම Zenbook සහ Vivobook ලැප්ටොප් මාදිලි පෙළක් ලංකාවේ පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇත. ප්‍රමුඛ පෙළේ ROG Zephyrus Duo, TUF Gaming 16 සහ නිර්මාණකරුවන් සඳහාම විශේෂයෙන්ම හඳුන්වා දෙන ProArt PX13 ඇතුළු නවතම ලැප්ටොප් මාදිලි පෙළක් මීට ඇතුළත්ය.

මෙම නවතම ලැප්ටොප් මාදිලි, අතිනවීන AI තාක්ෂණය, ශක්තිමත් Ceraluminum නිමාව, NVIDIA GeForce RTX 50 කාණ්ඩයේ ග්‍රැෆික්ස්, පහසුවෙන් ගෙන යා හැකි සැහැල්ලු බවින් සමන්විතය. නව පරපුරේ පරිගණක අත්දැකීමක් පාරිභෝගිකයාට තිළිණ කරන මෙම මාදිලි Gaming සඳහා උනන්දුවක් ඇති අය, සිසුන්, නිර්මාණකරුවන් සහ වෘත්තිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කොට ඇත.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින්, ASUS දකුණු ආසියානු කලාපීය ප්‍රධානී Eric Ou මහතා මෙසේ පැවසීය. "ASUS අපි, සෑම පාරිභෝගිකයෙකුම බලගන්වන නවෝත්පාදන ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටින සමාගමක්. තිර දෙකක් සහිත Zenbook සහ ROG Zephyrus මාදිලිවල සිට නිර්මාණකරුවන් සඳහා වූ ProArt, මෙන්ම සිසුන් සඳහා වූ Vivobook සහ TUF Gaming ලැප්ටොප් මාදිලි පෙළ, අපගේ 2026 නවතම එකතුව ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ කාලීන අවශ්‍යතා වෙනුවෙන් අප නිකුත් කොට තිබෙනවා." 

ASUS Zenbook DUO (UX8407AA) ලැප්ටොප් පරිගණකය, එකවර වැඩ කිහිපයක් පහසුවෙන් කිරීමට (Multitasking) සහ නම්‍යශීලී ලෙස කාර්යයන් කරගෙන යාමට උපකාරී වන 3K OLED Touchscreen තිර දෙකකින් සමන්විතය. Intel Core Ultra 9 Series 3 ප්‍රොසෙසරයකින් බලගන්වා ඇති මෙය පැය 32ක් දක්වා බැටරි ආයු කාලයකින් යුතු අතර, වඩාත් කාර්යක්ෂම පරිගණක අත්දැකීමක් බලාපොරොත්තු වන වෘත්තිකයන් සහ නිර්මාණකරුවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත. 

ROG මාදිලි අතර ප්‍රධානතම උපාංගය වන Zephyrus DUO (GX651AX) යනු Gaming සහ නිර්මාණ කටයුතුවල නියැලෙන අයට සුදුසු ඉහළම මට්ටමේ ලැප්ටොප් පරිගණකයකි. මෙහි අඟල් 16ක 3K OLED Nebula touchscreen දෙකක්, පාවිච්චියට ඉතා පහසු අයුරින් නිර්මාණය කර ඇත. NVIDIA RTX 5090 දක්වා වූ GPU පහසුකම ද මෙහි අඩංගු වේ. Intel Core Ultra ප්‍රොසෙසර, උසස් AI තාක්ෂණය සහ ROG Intelligent Cooling පද්ධතියෙන් සමන්විත මෙම Zephyrus Duo ලැප්ටොප් පරිගණකය මඟින් Gaming සඳහාම වඩාත් ඉහළ ක්‍රියාකාරීත්වයකින් නිර්මාණය කොට ඇත. එමෙන්ම, නිර්මාණාත්මක සහ වෙනත් වෘත්තීය කටයුතු සඳහා ද ඉතා පහසුවෙන් භාවිත කළ හැකිය. 

තවද මෙම මාදිලි එකතුවට එක් වන තවත් සුවිශේෂී ලැප්ටොප් මාදිලියක් වන TUF Gaming 16 ලැප්ටොප් පරිගණකය මිලිටරි මට්ටමේ ශක්තිමත් කල්පැවැත්මක් සහිතය. මෙය නවතම Intel Core i7 දක්වා වූ ප්‍රොසෙසරයකින් සහ NVIDIA RTX 5060 GPU එකකින් බලගන්වා ඇති නිසා Gaming, අධ්‍යාපන කටයුතු, නිර්මාණකරණය සහ එදිනෙදා වැඩකටයුතු ඇතුළු Multitask ලැප්ටොප් පරිගණකයක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත.