IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


AMW වෙතින් Yamaha අලෙවි නියෝජිතයන්ට ඇගයීමක්

ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ Outboard Motors  බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)  සිය අලෙවි නියෝජිතයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද අලෙවි නියෝජිත උළෙල, කොළඹ Marino Beach Hotel  හිදී අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. 

එහිදී Yamaha යතුරුපැදි සහ OBM ව්‍යාපාරවල විකුණුම්, අමතර කොටස් සහ සේවා මෙහෙයුම්වල නිරත වූ විශිෂ්ට කාර්යසාධනයක් සහිත අලෙවි නියෝජිතයන් ගෞරවයට පාත්‍ර වූ අතර, අමතර කොටස් අලෙවිය, Yamalube අලෙවිය, Yamaha Outboard Motor Unit  අලෙවිය සහ වඩාත්ම විශ්වාසවන්ත 3S අලෙවි නියෝජිතයා වැනි විවිධ කාණ්ඩ කිහිපයක් යටතේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීමට ලක්විය. 

2025 වසරේ අලෙවිකරණ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරුණු OBM ඒකක අලෙවි සමුළුවෙන් උත්සවය ආරම්භ වූ අතර, 2024 වසරේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳවත් 2025 වසර සඳහා වන උපායමාර්ග පිළිබඳවත් ඉන් අනතුරුව සාකච්ඡා කෙරිණි. පසුව 2024 වසරේ Yamaha සේවා පිළිබඳ සරල මතක් කිරීමක් ද සමඟින් 2025 වසර සඳහා වන සේවා උපාය මාර්ග මෙහිදී හඳුන්වා දෙන ලදී.
ඉන් පසු සාකච්ඡා කෙරුණු 2025 වසර සඳහා වූ Yamaha Unit sales ව්‍යාපාරික උපායමාර්ගය, අලෙවිකරුවන්ගේ සිත් දිනාගත් මාතෘකාව විය. වසර 5ක් පුරාවට රජය විසින් පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් නැවත වරක්  Yamaha යතුරුපැදි සහ ස්කූටර් වෙළෙඳපොළට ලබාදිය හැකි බවත්, ඒවායේ මාදිලි පෙළ, මිල සහ වර්ණ ආදී තොරතුරු පිළිබඳවත් මෙහි දී අලෙවිකරුවන් දැනුවත් කෙරිණි. ඉන් අනතුරුව එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයන් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරමින් අලෙවි නියෝජිතයන් ඇගයීම සිදුවිය. 

නවමු ගමනක ආරම්භය සනිටුහන් කිරීම උදෙසා මෙවර උළෙලේ තේමාව "The Journey Begins  2025”‍යනුවෙන් නම් කර තිබුණි. අසීමිත අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට උසස් තත්වයේ නිෂ්පාදන සහ සේවා සැපයීමට AMW  සහ Yamaha Motor  Corporation අඛණ්ඩව කැප වී සිටී. "KANDO" සංකල්පය පෙරදැරි කරගත් Yamaha Motor Corporation  නිර්මාණශීලීත්වයේ රසවින්දනය මෙන්ම උසස් තත්වයේ නිෂ්පාදන භාවිතයෙන් පාරිභෝගිකයන් තුළ ඇතිවන හැඟීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

AMW, ඉහළ නිපුණතා සහිත කාර්මික ශිල්පීන් කණ්ඩායමක සහය ද ඇතිව ශක්තිමත් අලෙවි නියෝජිත ජාලයක් ස්ථාපිත කිරීමට අඛණ්ඩව කැපවී සිටියි. එම කැපවීම ශ්‍රී ලංකාව තුළ Yamaha හි සාර්ථකත්වය සඳහා පදනම වී ඇති අතර, එමඟින් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමටත්, සමාගමේ කීර්තිනාමය ශක්තිමත් කිරීමටත් ඔවුන්ට හැකිවී තිබේ. AMW සහ  Yamaha, සිය පාරිභෝගිකයන්ට සහ පාර්ශ්වකරුවන්ට අවශ්‍ය ගෝලීය මට්ටමේ විශේෂඥ දැනුම සහ සේවා සපයමින් සිය දැක්ම අඛණ්ඩව ශක්තිමත් කරනු ඇත.



අදහස් (0)

AMW වෙතින් Yamaha අලෙවි නියෝජිතයන්ට ඇගයීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site