
භානුක අමරසිංහ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල අයැදුම්පත් කැඳවෙන බව එම මණ්ඩලය නිවේදනය කරයි. මෙවරත් මාර්ගගතව අයැදුම්පත් යොමුකිරීමට අපනයන සමාගම්වලට අවස්ථාව ලබා දී ඇති අතර, https://pea.edb.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම අයැදුම්පත් යොමුකළ හැකියි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන දෙසැම්බර් මාසයේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය, ජනාධිපති අපනයන සම්මානය බව එම මණ්ඩලය පවසයි. 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන යටතේ මේ දක්වා සම්මාන උළෙල 26 ක් සංවිධානය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
560
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලට අයැදුම්පත් කැඳවෙයි