IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


2025 Hybiz TV සම්මාන උළෙලේ ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ ශ්‍රීලංකන්

ඉන්දියාවේ තෙලංගාන ප්‍රාන්තයේ ප්‍රමුඛතම ඩිජිටල් ව්‍යාපාර නාලිකාව වන Hybiz TV විසින් පසුගියදා පවත්වන ලද 2025 ව්‍යාපාර විශිෂ්ටත්වය සම්මාන උළෙලේදී (Hybiz TV Business Excellence Awards 2025)  ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. තෙලංගාන ප්‍රාන්ත රජයේ සහ එම ප්‍රාන්තයේ රාජ්‍ය කර්මාන්ත යටිතල පහසුකම් සංස්ථාවේ සහයෝගය ඇතිව පවත්වන ලද මෙම සම්මාන උළෙලේදී තෙලංගාන ප්‍රාන්තයේ විවිධ ක්ෂේත්‍රයේ සාර්ථකත්වයක් පෙන්නුම් කළ සමාගම් හා ආයතන ඇගයීමට ලක්කරන ලදි. ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාව තුළ සුවිශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින බව මෙම සම්මානය මගින් නැවතත් තහවුරු වේ. 
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය සඳහා කලාපීය කළමනාකරු ලෙස කටයුතු කරන ෆව්සාන් ෆරීඩ් මහතා පැවසුවේ, මෙම සම්මානය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ලැබුණු ඉහළම තලයේ ඇගයීමක් බවයි. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන ගුවන් සේවා අතරින් ප්‍රධානතම ගුවන් සේවාවක් ලෙස තම තත්වය තහවුරු කරගනිමින් සිටී. මෙබඳු ඇගයීම් තුළින් ලබන පන්නරය ඔස්සේ තම සේවා තවදුරටත් වැඩිදියුණු කරගනිමින්, ඉන්දියාවේ මගීන්ට වඩාත් විශිෂ්ටතම සේවාවක් ලබාදීම තම අපේක්ෂාව බවද ෆව්සාන් ෆරීඩ් මහතා වැඩිදුරටත් පැවසී ය. 
ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඉන්දියාවේ හයිද්‍රාබාද්, දිල්ලි, බැංගලෝර්, මුම්බායි, කොචි, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, ට්‍රිචි සහ මදුරෙයි යන නගරවල සිට සතියකට ගමන් වාර 90 ක් ක්‍රියාත්මක කරයි. තෙලංගාන ප්‍රාන්තයේ අගනුවර වන හයිද්‍රාබාද් සහ කොළඹ අතර සතියකට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර ගණන 4 කි. මේ නිසා එම ප්‍රාන්තයේ මගීන්ට තමන්ට පහසු පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සුපුරුදු සත්කාරය සමග ප්‍රණීත ඉන්දියානු ආහාරපාන සහ තෙළිඟු‍ සිනමා නිර්මාණ සිත් සේ රස විඳිමින් දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව හිමි වී තිබේ. 
හයිද්‍රාබාද් නගරයේ HICC Novotel හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ තෙලංගාන ප්‍රාන්ත රජයේ තොරතුරු තාක්ෂණ, ඉලෙක්ට්‍රොනික, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ශ්‍රී ධුද්දිලා ශ්‍රීධර් බාබු මහතාය. සම්මාන උළෙලේදී විවිධ කාණ්ඩ යටතේ සමාගම්, ආයතන හා පුද්ගලයන් වෙත සම්මාන 60 කට අධික සංඛ්‍යාවක් ප්‍රදානය කරන ලදි. 



අදහස් (0)

2025 Hybiz TV සම්මාන උළෙලේ ‘වසරේ විශිෂ්ටතම ජනතාවගේ ගුවන් සේවය’ ශ්‍රීලංකන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site