මෙම වසරේ සංචාරක පැමිණීම්හි සුවිශේෂී කඩඉමක් පසු කරමින් විසි ලක්ෂ වැනි විදෙස් සංචාරකයා පෙරේදා දිනයේදී කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ප්‍රංශ ජාතික යුවළක් වන රෆායෙල් සහ ක්ලෙයාර් යන දෙපළ මෙලෙස වාර්තාගත විසි ලක්ෂ වැනි සංචාරකයා බවට පත්විය. ඔවුන් දෙදෙනා පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළේ විශේෂ උත්සවයක්ද සංවිධානය කෙරී තිබුණි.
සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කයට අනුව මේ වසරේදී විදෙස් සංචාරකයන් ලක්ෂ 25ක් අපේක්ෂාව වී තිබේ. ඒ අනුව නොවැම්බර් 17 වැනිදා දිනය වන විට ලක්ෂ 20ක සංචාරකයන පැමිණීම්ද සමගින් වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 23 ක පිරිසක් පැමිණෙනු ඇතැයි ධනාත්මක ඉදිරිදැක්මක් පවතින බවත් ඔවුන් පවසයි.
කෙසේ වෙතත් මෙම වසර මුලදී 2025 වසරේ සංචාරක ඉලක්කය සංචාරකයන් ලක්ෂ 30ක් ලෙස සටහන් විය. එසේම 2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 23ක ඉලක්කයක් තබා තිබුණද පැමිණියේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණකි.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2558
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා පැමිණෙයි