IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


2025 පළමු කාර්තුවේදී සංචාරකයෝ 722,276 ක් ශ්‍රී ලංකාවට

 

  • මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 722,276 කි. එය 2018 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව ඉහළ යාමක් වන අතර 2019 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පහළ යාමකි.
  • 302,803 ක මාසික සංචාරක ඉලක්කය 73,505 කින් මග හැරිලා

 

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී සංචාරකයන් 722,276 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳම වසරක්වූ 2018 පළමු කාර්තුවේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පසුකිරීමට මෙම වසරේ පළමු කාර්තුවට හැකියාව ලැබුණත් 2019 වසරේ පළමු කාර්තුවේදී තැබූ වාර්තාව පසුකර යෑමට මෙම වසරේ පළමු කාර්තුවට හැකියාවක් ලැබුණේ නැත. 2018 වසරේ පළමු කාර්තුවේදී මෙරටට සංචාරකයන් 707,924 ක් පැමිණ තිබූ අතර 2019 වසරේ පළමු කාර්තුවේදී මෙරටට සංචාරකයන් 740,600 ක් මෙරටට පැමිණ තිබිණ.

මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරටට පැමිණි 722,276 ක සංචාරකයන් පිරිස පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරටට පැමිණි 635,784 සමග සංසන්දනය කිරීමේදී එය සියයට 14 ක වර්ධනයකි. එසේම පසුගිය මාර්තු මාසයේදී සංචාරකයන් 229,298 ක පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර, එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.62 ක ඉහළ යාමකි. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 209,181ක් මෙරටට පැමිණ තිබිණ.

කෙසේ නමුත් පසුගිය මාර්තු මාසයේදී සංචාරක කර්මාන්තය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළත්, මෙරටට සංචාරකයන් 302,803 ක් ගෙන්වා ගැනීමේ සංචාරක ඉලක්කය පසුකර යාමට එය ප්‍රමාණවත් නොවීය. එම ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකාවට සංචාරකයන් 73,505 ක් හිඟ විය. සතිපතා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මුල් සති තුනේදී අඛණ්ඩව පහළ ගියත් අවසාන සතියේදී එය සැලකිය යුතු මට්ටමින් වර්ධනය වූවේය.
එහිදී පළමු සතියේදී සංචාරකයන් 53,113ක්, දෙවැනි සතියේදී සංචාරකයන් 52,639 ක්, ​ෙතවැනි සතියේදී සංචාරකයන් 51,459 ක් සහ සිව් වැනි සතියේදී සංචාරකයන් 72,087 ක් මෙරටට පැමිණ තිබිණ. එසේම පසුගිය පෙබරවාරි මාසයේදී දිනකට මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සාමාන්‍යයක් ලෙස 8,579 ක් වූ අතර, එය පසුගිය මාර්තු මාසයේදී 7,397 දක්වා පහළ ගොස් ඇත. කෙසේ නමුත් පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී දිනපතා සංචාරකයන් පැමිණීමේ සාමාන්‍ය ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ මාර්තු මාසයේදී දිනපතා සංචාරකයන් පැමිණීමේ සාමාන්‍ය 6,748 ක් විය.

මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට ඉන්දියාව වන අතර, පළමු කාර්තුවේදී ඉන්දියානුවන් 118,315 ක් මෙරටට පැමිණ තිබිණ. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන රුසියාවටත්, එක්සත් රාජධානියටත් හිමි විය. පිළිවෙළින් රුසියානුවන් 93,568 ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 69,705 ක් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබිණ.



අදහස් (0)

2025 පළමු කාර්තුවේදී සංචාරකයෝ 722,276 ක් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site