ඔක්තෝබරය වන විට මෙගාවොට් 800ක් ජාතික පද්ධතියට සම්බන්ධ කරලා
භානුක අමරසිංහ
මෙම වසර තුළදී සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 900ත් 100ත් අතර විදුලිබල ධාරිතාවක් එකතු කිරිමට හැකියාව ලැබෙනු ඇතැයි රජයේ අපේක්ෂාව බව විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. එසේම මෙම වසරේ ඔක්තෝබර් මාසය වන විට සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා ජාතික පද්ධතිය වෙත එක් කර ඇති විදුලිබල ධාරිතාව මෙගාවොට් 800ක් පමණ වන බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
“ඔක්තෝබර් මාසය අවසන් වනවිට පමණක් සූර්ය බලශක්ති ව්‍යාපෘති හරහා ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කෙරුණු විදුලිබල ධාරිතාව මෙගාවොට් 800 ක් පමණ වෙනවා. මින් වැඩිමනක් වහල මත සවි කළ සූර්ය පැනල ව්‍යාපෘති. ඒ වගේම ගොඩබිම සවි කළ සූර්ය පැනල ව්‍යාපෘතිත් ඒ අතර පවතිනවා.”
එහෙත් 2024 වසරේදී මෙම විදුලිබල ධාරිතාව මෙගාවොට් 533ක් පමණක් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “වසර අවසන් වෙන්න තව කල් තියෙනවා. අපි හිතනවා 2025 වසර තුළ අපිට මෙගාවොට් 900ක් 1000ක් පමණ අගයකට ඉස්සරහට යන්න පුළුවන් වේවි කියලා.”
විශේෂයෙන්ම වත්මන් රජය පසුගිය වසරේ ජනතාව වෙත ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරි වසර පහ ඇතුළතදී පුනර්ජනනිය බලශක්තිය හරහා මෙගාවොට් 2,000ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතිය වෙත එකතු කරන බවට ලබා දුන් පොරොන්දුවේ අවස්ථාවක් ලෙසද අමාත්‍යවරයා මෙය හඳුන්වා දුන්නේය.
“මේ පොරොන්දුව ඉටු කරන්න ඉදිරි අවුරුදු හතරේදී අපට අවශ්‍යව තියෙන්නේ මෙගාවොට් 1200 ක වගේ විදුලිබල ධාරිතාවක්. ඒ කියන්නේ වසරකට මෙගාවොට් 300ක වගේ ධාරිතාවක් ජාතික පද්ධතිය වෙත සම්බන්ධ කිරිමම ප්‍රමාණවත්.”
2025 නොවැම්බර් මස 17
123
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
975
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2580
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025දී සූර්ය බලශක්තියෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 1000ක්