IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


2024/25 වසරේදීත් LMD 100 හි අංක එකේ ලැයිස්තුගත සමාගම හේලීස් පීඑල්සී

හේලීස් සභාපති /ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ
හේලීස් 
සම සභාපති 
ධම්මික පෙරේරා

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් නිකුත් කරන LMD 100 හි 32 වැනි සංස්කරණය තුළ 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගම ලෙස හේලීස් පීඑල්සී සමාගම ශ්‍රේණිගත කර තිබේ. ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භ කළ 1995 වසරේ සිට 10 වැනි වරටත් අංක 1 ස්ථානය ලබා ගැනීමට හේලීස් පීඑල්සී සමාගම සමත්ව තිබීමත් විශේෂත්වයකි.

මෙම පිළිගැනීම ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සහ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ තිරසාර වටිනාකම් නිර්මාණය පිළිබඳ මිනුම් ලකුණක් ලෙස සමූහයේ දිගුකාලීන භූමිකාව අවධාරණය කරන බව එම සමාගම පවසයි. 

මෙහිදී 2024/25 මූල්‍ය වර්ෂය සඳහා, හේලීස් සමාගම රුපියල් බිලියන 492.2 ක වාර්තාගත ඒකාබද්ධ ආදායමක් අත් කරගත් අතර පෙර වසරට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එසේම එය සමූහයේ වසර 148 ක ඉතිහාසයේ ඉහළම අගය ද සනිටුහන් කර තිබේ. මීට අමතරව ‍බදු ගෙවීමට පෙර ලාබය (PBT) රුපියල් බිලියන 35.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 40 ක වර්ධනයකි. බදු ගෙවීමෙන් පසු ලාබය (PAT) රුපියල් බිලියන 22.5 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 52 ක වර්ධනයකි.

මේ අතර රැස් කරගත් ඩොලර් මිලියන 685 ක අපනයන ආදායම, සමූහයේ මුළු ආදායමෙන් සියයට 53 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව විදේශ විනිමය ඉපැයීම්වල ප්‍රධාන තරගකරුවකු ලෙස හේලීස් හි භූමිකාව මින් නැවත තහවුරු කර ඇතැයි ද සමාගම පවසයි. 

මේ කරුණු සියල්ලමත් සමගින් හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ සේවායෝජකයන් අතරින් එක් අයකු ලෙස තවදුරටත් පවතින අතර, එහි සිටින සමස්ත ශ්‍රම බලකාය 38,000 කි. එසේම එහි වටිනාකම් දාම හරහා වක්‍ර ජීවනෝපාය 27,000 කට අධික සංඛ්‍යාවක් බිහි කර තිබේ. 

මේ අතර 2024/25 දී, හේලීස් සමූහය රජයට, සේවකයන්ට, ණය දෙන්නන්ට සහ කොටස් හිමියන් 13,000 කට ආසන්න සංඛ්‍යාවකට ආපසු සිදුකළ ගෙවීම්වල සමුච්චිත ආර්ථික වටිනාකම රුපියල් බිලියන 152 ක් වන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

 

 



අදහස් (0)

2024/25 වසරේදීත් LMD 100 හි අංක එකේ ලැයිස්තුගත සමාගම හේලීස් පීඑල්සී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site