IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


2024 සිවුවැනි කාර්තුවේදී බැංකු අංශය සාර්ථක ගමනක

භානුක අමරසිංහ 

2024 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ කැලැන්ඩර් වර්ෂයේ (CY24) සිව්වැනි කාර්තුව තුළදී මෙරට ලැයිස්තුගත සමාගම් වල සිදු වූ සමස්ත ඉපැයීම් අතරින් වැඩිම ඉපැයීම් ප්‍රමාණය වාර්තා කිරීමට ලැයිස්තුගත බැංකු අංශය සමත්ව ඇතැයි වාර්තා වෙයි. 

වෙළෙඳ පොළ පිළිබඳ සමීක්ෂණ කරන ආයතනයක් වන කැපිටල් ට්‍රස්ට් රිසර්ච් ආයතනය මගින් ඉදිරිපත් කළ එම කාර්තුවේදී බැංකු පෙන්නුම් කළ කාර්යසාධනය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන්ව තිබේ. 

ඒ අනුව අදාළ කාර්තුව තුළ බැංකු අංශය මගින් කර ඇති සමස්ත ඉපැයීම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 72,881.27ක් ලෙස සටහන්ව තිබේ. එය සමස්ත ඉපැයීම් අතරින් සියයට 32.13 කි. එහිදී මූලිකවම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත මෙලෙස ඉපැයීම් ඉහළ යාමට හේතුවක් වී ඇතැයි එම ආයතනය පවසයි.  

එසේම පෙර වසරේ දෙසැම්බර් මාසය හා සැසඳීමේදී 2024 දෙසැම්බර් මාසයේදී ශුද්ධ පොලී ආදායම් ඉහළ යෑමත් සමගින්ම බැංකුවල මූලික මෙහෙයුම් සම්බන්ධ ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. එය මූලිකවම ඉහළ ණය දීමක් දක්වා දායක වී තිබේ. 

මීට අමතරව පෙර වසරේ දෙසැම්බර් මාසය හා සැසඳීමේදී බැංකු වෙත ලැබුණු ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. එහිදී ණය ගැනීමේ අවස්ථා සමගින් ඇති වූ ඉහළ ගනුදෙනු ප්‍රමාණය, ඩිජිටල් වේදිකා හරහා සහ කාඩ් සේවා හරහා සිදුකළ ගනුදෙනු ප්‍රමාණය ඉහළ යාම හේතු වී තිබේ. කෙසේ වෙතත් වෙළෙඳාම සම්බන්ධ සේවා කොමිස් ගාස්තු අඩුවීමක් සිදුව තිබේ. 

මේ අතර බැංකු අංශයේ පවතින දුර්වල ණය ප්‍රමාණයේ අඩුවීමත් සමගින්ම බැංකු සතු වත්කම්වල ගුණාත්මක බව 2024 කැලැන්ඩර් වර්ෂය පුරාම වර්ධනයවීමක් දැකගත හැකි වූ බවත් කැපිටල් ට්‍රස්ට් රිසර්ච් ආයතනය පවසයි. 

තත්වය මෙසේ පවතිද්දී 2024 කැලැන්ඩර් වර්ෂයේදී බැංකු මගින් ලබාදුන් ණය ප්‍රමාණයේ වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 625.02ක නව ණය ප්‍රමාණයක් ආර්ථිකය වෙත ලබාදී තිබේ. ඒ අනුව මෙය බොහෝ බැංකුවල ණය පොත් තවදුරටත් පුළුල්වීමට හේතුවක් වී ඇත. එහිදී විශේෂයෙන්ම වසරේ දෙවැනි අර්ධයේදී ණය ගැනීමේ ප්‍රවණතාවක් දැකගත හැකි වී තිබේ. 

කැපී පෙනෙන ලෙස ඉපැයීම් වාර්තා කිරිමට සමත්වීමත් සමගින්ම ලැයිස්තුගත බැංකු සියල්ලම පාහේ 2024 මූල්‍ය වර්ෂය සඳහා, වසර 10ක් තුළදී ලබාදුන් ඉහළම ලාභාංශ ගෙවීමටද තීරණය කර තිබේ. 

ඒ අනුව 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ කැලැන්ඩර් වර්ෂය සඳහා 2025 වසර මුලදී ලැයිස්තු බැංකු මගින් රුපියල් බිලියන 46.21ක ලාභාංශ ගෙවීමක් නිවේදනය කළ අතර, එය මෙතෙක් ඕනෑම මූල්‍ය වර්ෂයක් සඳහා ලබාදුන් ඉහළම ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව ඇතැයිද කැපිටල් ට්‍රස්ට් රිසර්ච් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි. 

 



අදහස් (0)

2024 සිවුවැනි කාර්තුවේදී බැංකු අංශය සාර්ථක ගමනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site