IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


2024 දී සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රු.බි. 4,375 ක්

  • 2023 වසරට සාපේක්ෂව සියයට 12.6ක වැඩිවීමක්
  • 2024 වසරේ අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රු. බි. 513.8ක්
  • 2023 දී රු. බි. 3ක් වූ ලාභාංශ ආදායම 2024දී රු. බි. 5.5ක් දක්වා සියයට 82.9කින් ඉහළට

භානුක අමරසිංහ 

2024 වසර අවසන් වන විට සේවක අර්ථ සාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,375.7ක් වූ බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2023 වසර අවසානයේදී වාර්තා කළ රුපියල් බිලියන 3,886.7ට සාපේක්ෂව සියයට 12.6ක වැඩිවීමකි. 

මහ බැංකුව පසුගියදා නිකුත් කළ වාර්ෂික ආර්ථික විවරණය 2024 තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.  විශේෂයෙන්ම 2024 වසරේදී එම අරමුදල ආයෝජන කිරීමෙන් උපයන ලද ආදායම සහ ශුද්ධ දායක මුදල් ලැබීම් මෙම වර්ධනය සඳහා හේතු වී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. 

ඒ අනුව 2024 වසර තුළ අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රුපියල් බිලියන 513.8ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 481.1 හා සැසඳීමේදී සියයට 6.8ක වර්ධනයකි.  එසේම පොලී ආදායම, අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් ලෙස 2023 වසරට සාපේක්ෂව සියයට 2.9ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසරෙදී රුපියල් බිලියන 442.4ක් රැස් කරගෙන තිබේ. 

මීට අමතරව 2023 දී රුපියල් බිලියන 3ක් වූ ලාභාංශ ආදායම 2024 වසරේ රුපියල් බිලියන 5.5ක් දක්වා සියයට 82.9කින් ඉහළ ගොස් ඇත. 

“ආයෝජන ආදායම වැඩිවීම හේතුවෙන් 2024දී අරමුදලේ බදු වියදමද රුපියල් බිලියන 64.1ක් දක්වා ඉහළ ගොස් තිබේ’’ මහ බැංකුව පවසයි. 

මේ අතර 2024 වසර සඳහා වන මුළු දායක ලැබීම් රුපියල් බිලියන 234.4ක් දක්වා සියයට 11.3 කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් එම වසරේදී සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවන ලද සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 188.1ක් දක්වා සියයට 12.9කින් අඩුවී තිබේ. 

මීට සමගාමීව මෙම කාලය තුළ සාමාජිකයන් වෙත වූ මුළු වගකීම් රුපියල් බිලියන 4,289ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2023දී පැවැති රුපියල් බිලියන 3,817 හා සැසඳීමේදී සියයට 12.4ක වැඩවීමකි. 

2024 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල සතු සමස්ත ගිණුම් සංඛ්‍යාව මිලියන 21.5 කි. 



අදහස් (0)

2024 දී සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රු.බි. 4,375 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site