IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


2024 දී තේ අලෙවියේ වටිනාකම ඉහළට

 

  • කිලෝග්‍රෑමයකට රුපියල් 1225.17ක්
  • දෙසැම්බර් මාසයේ රුපියල් 47.60 කින් මිල ඉහළ ගිහින්
  • සියලු තේ වගා කලාපවල අලෙවි වටිනාකම් ඉහළ ගිහින්
  • පහත් බිම් තේ කිලෝවකට රුපියල් 1304.48ක්

2024 වසරේදී මෙරට ජාතික තේ අලෙවියේ වටිනාකමේ සාමාන්‍ය තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,225.17ක් (එ.ජ. ඩොලර් 4.08ක්) බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිකුත් කළ අලු‍ත්ම දත්ත වාර්තා අනුව පෙන්වා දෙයි.

ඒ අනුව මෙය 2023 වසරේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු වටිනාකමේ සාමාන්‍ය වූ රුපියල් 1,171.29 (එ.ජ.ඩොලර් 3.59) හා සැසඳීමේදී වාර්ෂික රුපියල් 53.88 ක (එ.ජ.ඩොලර් 0.49) වර්ධනයක් ලෙස සැලකෙයි. 
විශේෂයෙන්ම මෙම කාලසීමාවේදී රුපියල් සහ ඩොලර් වටිනාකම්වල සිදු වූ වෙනස්කම් අනුව මෙම වර්ධනය කැපී පෙනෙන අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර 2024 දෙසැම්බර් මාසයේදී ජාතික තේ අලෙවියේ වටිනාකමේ සාමාන්‍ය රුපියල් 1,184.82ක් (එ.ජ.ඩොලර් 4.08ක්) ලෙස සඳහන්ව ඇති අතර, එය එම වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා කළ අගයට වඩා රුපියල් 47.60ක (ඩොලර් 0.17ක) ඉහළ යාමකි.

කෙසේ වෙතත් 2023 වසරේ දෙසැම්බර් මාසය හා සැසඳීමේදී මෙය රුපියල් වටිනාකම් අනුව රුපියල් 1.59කින් වටිනාකම් අඩුවීමේ අවස්ථාවක් ලෙසද සඳහන්ව තිබේ. එහෙත් එම කාලසීමාවේදීම ඩොලර් වටිනාකම් අනුව එය එ.ජ. ඩොලර් 0.43ක ඉහළ යාමකි. 

ඒ අනුව මුදල් වටිනාකම් ඉහළ පහළ යෑම සහ වෙළෙඳ පොළ ගතිකත්වය යන කාරණා මෙලෙස වර්ෂ අවසාන කාර්යසාධනය වෙනුවෙන් බලපා ඇති බව බව පැහැදිලිව සඳහන් වෙයි.

මෙහිදී සම්පූර්ණ වර්ෂයම සැලකීමේදී සියලු‍ම ප්‍රධාන තේ වගා කලාප තුළ තේ අලෙවි වටිනාකමේ සාමාන්‍ය ඉහළ ගොස් තිබේ. ඒ අතරින් උස් බිම් තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,141.63ක (එ.ජ. ඩොලර් 3.80ක) වටිනාකමක් හිමිව තිබේ. එය 2023 වසර හා සැසඳීමේදී රුපියල් 69.15ක (එ.ජ. ඩොලර් 0.52ක) ඉහළ යාමකි. 

එසේම මැදි බිම් තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,‍064.48ක (එ.ජ.ඩොලර් 3.55ක) වටිනාකමක් හිමිව ඇත. මෙය 2023 හා සැසඳීමේදී රුපියල් 52.13ක (එ.ජ.ඩොලර් 0.45ක) ඉහළ යාමකි.

මීට අමතරව මෙරටින් අපනයනය කරන තේ සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙන පහත් බිම් තේ කිලෝග්‍රෑමක් සඳහා රුපියල් 1,304.48ක (එ.ජ. ඩොලර් 4.34ක) වටිනාකමක් හිමිව තිබේ. එය 2023 හා සැසඳීමේදී රුපියල් 52.23ක (එ.ජ.ඩොලර් 0.51ක) ඉහළ යෑමකි. 



අදහස් (0)

2024 දී තේ අලෙවියේ වටිනාකම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site