IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


2024 ආර්ථික වර්ධනය සියයට 5ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත්, එය මෙරට ආර්ථිකය වසර හතකට පසු වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව පුරෝකථනය කර ඇති බවත්, 2017 වසරින් පසුව වසරකදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ ඉහළම ප්‍රතිශතය මෙය බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය. 2017 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.46 කින් වර්ධනය විය.

2023 වසරේ දෙවැනි බාගයේදී මෙරට ආර්ථිකය ධනාත්මක ගමනක් ආරම්භ කළ බවත් පසුගිය වසරේදී මෙරට ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එයට අඩු උද්ධමන පරිසරය සහ මහ බැංකුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය සහායක් වූ බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

පසුගිය වසරේ මුල් කාර්තු තුනේදී මෙරට ප්‍රධාන ආර්ථික අංශ වර්ධනයක් වාර්තා කරමින් සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවද ඔහු ප්‍රකාශ කළේය. පළමු කාර්තු තුනේ ගොඩ නගාගත් ආර්ථික ක්‍රියාකාරකම්වල ගම්‍යතාව අඛණ්ඩව සිව්වැනි කර්තුවතෙක් ඉදිරියට ගෙන ගොස් ඇති බව කර්මාන්ත සහ සේවා අංශවල ප්‍රමුඛ ආර්ථික දර්ශක පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.

 



අදහස් (0)

2024 ආර්ථික වර්ධනය සියයට 5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site