IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


2017 වසරේ වියදම් කපා හැරේ

(හර්ෂණ තුෂාර සිල්වා)

අයවැය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2017 වසරේ වියදම් කපා හරින බව මුදල් අමාත්‍යාංශය ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ආදායම් පහත වැටුණ ද ඉලක්ක කළ පරිදි අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.6ක අගයක පවත්වා ගැනීමට කටයුතු කරන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබේ.

ආණ්ඩුව 2016 වසරේ දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.9ක අගයක පවත්වාගෙන යෑමට ඉලක්ක කළ අතර එම ඉලක්කය සපුරා ගනිමින් පසුගිය වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4ක අගයක් දක්වා අඩු කරගැනීමට ආණ්ඩුව සමත් විය. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව 2015 වසරේදී මෙරට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.6ක් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2015 වසරේ නොවැම්බර් මාසයේදී වත්මන් ආණ්ඩුවේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම ප්‍රකාශයට පත් කරමින් වසර 2020 වනවිට මෙරට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී පැවැසීය. 



අදහස් (4)

2017 වසරේ වියදම් කපා හැරේ

nihal Friday, 01 September 2017 03:57 AM

අර මහා බැංකු හොරකමේ මුදල් නැවත අයකරගන්න කවුරුත් කිව්වේ නැතිද. ඒවා මහජන මුදලින් කපා හැරියද

:       29       63

duminda Friday, 01 September 2017 06:35 AM

රාජ්‍ය අංශයේ ඵලදායීතාවය ඉහල නංවන අතර , පාඩු ලබන රාජ්‍ය ආයතන හරි ඉක්මනින් කළමනාකරණය කල යුතුයි

:       0       55

Kamal Gamage Monday, 04 September 2017 05:03 PM

මොකුත් කපන්න එපා බැඳුම්කරේ ගත්ත සල්ලි ටික ගන්න. කාලය ගත්තොත් එය නැති වේවි.

:       13       0

daham Wednesday, 06 September 2017 02:37 PM

බැදුම්කරෙන් මංකොල්ල කාපු බිලියන් ගණන් වහාම ආපසු අය කර ගන්න. එතකොට මුකුත් කපන්නේ නැතිව මේ රට ගොඩ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site