(නිමල කොඩිතුවක්කු)
විදේශ වෙළඳපොළ ඉලක්ක කර රට තුළ අපනයන ගම්මාන 5000 ක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ප‍්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය.
නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.අමාත්‍යංශයේ සංවර්ධන වැඩසටහන් වල ප‍්‍රගතිය සහ රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙම වැඩපිළිවලට සමගාමීව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තම අමාත්‍යංශය මඟින් රට පුරා අපනයන කෘෂි අධි කලාප 23 ක් සහ අපනයන මත්ස්‍ය අධි කලාප 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සදහන් කළේය.
ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය තුළ 39 ක වර්ධනයක් දක්නට ඇති බවත්, ඒ අනුව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ට වැඩි අදායමක් ලබා ගත හැකි වන පරිදි ඉලක්ක කරගනිමින් මෙම අපනයන ගම්මාන වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ දැන් නම් 60ට හැටේ වැඩ කරන්න ලෑස්තිය මේ ගොන් තඩියන්... මෙච්චර කල් දිව්‍ය ලෝකෙද හිටියේ ගොයියෝ? බූරුවන් තොරණ තරගය ළඟ එන බව කිව්වා විතරයි බුරුවන්, කොටළුවන්, කබරයන් ඔක්කොම බැහැලාම වැඩනේ...
දැන් අපනයන ගම්මාන හදලා මොනවා කරන්නද ඔක්කොම අපනයනය කරන්නේ ඇමතිවරුනේ
ඕක තමයි ලංකාවේ පවතින තත්වය. නින්දෙන් ඇහැරුනා වගේ වැඩ. තව හොද හොද විකාර ඡන්දෙ ලංවෙද්දි බලාගන්න පුළුවන්.
ලංකාවෙ ගම් කීයක් තියෙනවද? අනේ දෙයියනේ අපි ගැන හිතං ඉන්න හැටි.
ගොවියාට මාසයක් කන්න රුපියල් 1200 විශ්‍රාම වැටුපක් දෙන රටේ... කෘෂිකර්මයට පණ දෙන්න හදනවා.
හා හා දවල්ද?
කසල තේ අපනයනය මගින් තේ කර්මාන්තය විනාශ කිරීම, ගම්මිරිස් සහ කරුන්කා ප්‍රතිඅපනයනය මගින් අපගේ නිෂ්පාදනවලට පැවති වෙළඳපොල මිල විනාශ කිරීම, වැනි දේවල් නොකර, අලුතෙන් අපනයන ගම්මාන ඉදිකිරීමට පෙර දැනට තියෙන අපනයන ටික රැකගැනීම වැදගත්යයි මට සිතේ.. වෙනත් රටවල දේශය පාලනය කරන නායකයින් කරන්නේ තම රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදනවලට විදේශීය වෙළඳපොල තුල ඇති තැන තව තවත් ශක්තිමත් කිරීම වුවත් අපගේ අය කරන්නේ සාමාන්‍ය ජනතාව විසින් ගොඩනගාගෙන තියෙන තත්වයද, ලොකු එවුන් එකෙකුගේ දෙන්නෙකුගේ බඩ වඩා ගැනීම සඳහා සදාකාලිකවම විනාශ කිරීමය. ප්‍රථමයෙන් එය නැතිකලයුතුය. එබැවින් අද දින පවතින යථාර්තය ගැන කතා නොකර බොරු කියා ජනතාව මුලාවට පත්කළ හැකියැයි නොසිතීම වැදගත්ය.
ගමේ ගොවියාගේ ගම්මිරිස් ටික කුරුඳු ටික, පැඟිරි ටික කුණු කොල්ලෙට අරන් බිලියන ගණන් ලබන දයා ගමගේ මහත්තයට ගොවියා මතක්වෙලා..
බින්දුවක් වැරදීමෙන් වැඩියෙන් වැටිලද? මුළු ලංකාවේවත් ගම්මාන 5000ක් නැහැ නේද?