IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුම් 4ක්

( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් අලුතින් රටවල් 04ක් සමඟ ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
ඒ අනුව චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව යන රටවල් සමග ඉදිරියේදී රජය  ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට නියමිත යැයිද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටී.මෙම රටවල් 04 සමග ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිවූ බවද  හෙතෙම වැඩිදුරටත් කීය.
 
මීට අමතරව ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව වැනි රටවල් සමගද ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
මේ වන විට ශ්‍රී ලංකාව රටවල් 10 ක් සමග සංචාරක ප්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ. ඉන්දියාව, තායිලන්තය, සීෂෙල්ස්, පෝලන්තය, තජිකිස්ථානය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව හා පිලිපීනය මෙම රටවල්ය.
 
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , ඒවා සැලසුම් කිරීම වැනි කටයුතු ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් හරහා කිරීම මෙම අවබෝධතා ගිවිසුම් මගින් සිදුකෙරේ.
 
ලෝකයේ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්හිදි මෙවැනි ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත්වන බවත්, බොහෝ දියුණු රටවල් එවැනි ආපදා තත්ත්වයන්හි දී තමන් සමඟ ගිවිසුම්ගතව සිටින කුඩා රටවලට ආධාර උපකාර ලැබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
 
ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම රජයේ අපේක්ෂාව වන අතර  මේ සදහා සංචාරක ආකර්ෂණය ඉහළින් ම ඇති යුරෝපා රටවල් චීනය, ඉන්දියාව, මැදපෙරදිග කලාපය හා රුසියාව, යුක්රේනය ඇතුළු රටවල් කේන්ද්‍ර කොටගෙන ගමනාන්ත අලෙවිකරණ හා නියෝජිත ආයතන පත් කිරීමට ද රජය අපේක්ෂා කරනු ලබන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. 



අදහස් (0)

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුම් 4ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site