IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ෆෙරෙන්ටිනෝ රටවල් 38ක වෙළෙඳපොළ අල්ලයි

 

  • දේශීය පාරිභෝගිකයන්ට ප්‍රතිලාබ

සිය සාර්ථක ගමනේ ප්‍රධාන කඩ ඉමක් සනිටුහන් කරමින් සිය නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ 38 කට අපනයනය කිරීමේ සන්ධිස්ථානය  සනිටුහන් කළ බව ෆෙරෙන්ටිනෝ ටයර් සාඩම්බරයෙන් නිවේදනය කළේය. මෙමගින් ජාත්‍යන්තරව පිළිගත්, තාක්ෂණිකව දියුණු ෆෙරෙන්ටිනෝ ටයර් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා රජයේ අවධානය දිනා ගැනීමට සමත් විය. 

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ කෙරුණු සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස, ආර්ථික පසුබෑමෙන් ගොඩ එන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට දැරිය හැකි අඩු මිලකට ටයර් ලබාදීමේ හැකියාව ෆෙරෙන්ටිනෝ සොයා බලන ලදී. 

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලාංකේය රථවාහන රියදුරන්ට අනෙකුත් ජාත්‍යන්තර සන්නාමවලට වඩා අඩු මිලකට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ සුවපහසුව අතින් ඉහළම තත්වයක ජාත්‍යන්තර ටයර් සන්නාමයක් මිලදී ගැනීමේ අවස්ථාව ලැබී ඇත. තවත් සුවිශේෂී කරුණක් වන්නේ කාත්තන්කුඩි හෝ කොළඹ හෝ ප්‍රදේශය කුමක් වුවත් වට්ටම්වල වෙනසක් නොමැතිව එකම ප්‍රමිතිගත අවම මිලකට රට පුරා පාරිභෝගිකයන්ට අනෙකුත් ජාත්‍යන්තර වෙ​ෙළඳ නාමවලට වඩා සැලකිය යුතු ලෙස අඩු මිලකට ලබාදීමට හැකි වීමයි.

ෆෙරෙන්ටිනෝ ටයර් සඳහා 2025 ජනවාරි මාසය සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. හොරණ පිහිටි එහි අති නවීන කර්මාන්තශාලාව සමඟින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ෆෙරෙන්ටිනෝ ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමයක් බවට පරිවර්තනය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී කාර් රේඩියල් (PCR) ටයර් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරයි.

ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DOT) ප්‍රතීතනය, බ්‍රසීලයේ INMETRO සහතිකය, යුරෝපීය ආර්ථික කොමිසමේ ECE4 සහතිකය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සහතිකය වැනි කීර්තිමත් සහතික සුවපහසුව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිති සපුරාලීම පිළිබඳ ෆෙරෙන්ටිනෝ ටයර් සතු කැපවීම පිළිබඳ වැදගත් සාක්ෂියකි. මෙම සහතික මගින් ප්‍රධාන වෙළෙඳ පොළවල දොරටු විවර වීමෙන් ලැබූ ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට ලබා දීමට හැකි වීම ෆෙරෙන්ටිනෝ තෙවැනි සංවත්සරයට සමගාමීව සිදුවීම තවත් සුවීශේෂී කරුණකි.

“අපි වඩාත්ම සතුටට පත්වන්නේ ෆෙරෙන්ටිනෝ නිෂ්පාදන පෙළ ගෝලීය වෙළෙදපොළ අතික්‍රමණය කිරීමට ලැබීම ගැන පමණක් නොව, අප නිෂ්පාදිත ධාරිතාව වැඩි කිරීමේ ප්‍රතිලාභ ලෙස ආරක්ෂාව, ගුණාත්මක භාවය සහ සුවපහසුව සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ෆෙරෙන්ටිනෝ සැලකිය යුතු ලෙස අඩු මිලකට අපගේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකිවීම ගැනයි.” යනුවෙන් මෙහෙයුම් අධ්‍යක්ෂ ලහිරු ලොකුවිතාන මහතා අදහස් දක්වමින් පැවසීය.

“ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් නොමඟ යවන වට්ටම් සහ ප්‍රවර්ධනවලින් හෝ සැක සහිත ප්‍රමිති සහිත සන්නාමවලින් ලබා දෙන වට්ටම් වෙනුවට ෆෙරෙන්ටිනෝ ලබා දෙන මෙම ප්‍රතිලාභ හරහා ජාත්‍යන්තර ප්‍රමිති ඉක්මවා යන ටයර් සන්නාමයක් භුක්ති විඳීමට ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන බව” විධායක අධ්‍යක්ෂ ධම්මික ලොකුවිතාන මහතා මෙම සන්ධිස්ථානයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කළේය.

සිය තුන්වැනි සංවත්සරය සමරමින්, ෆෙරෙන්ටිනෝ විසින් ශ්‍රී ලංකා වෙළඳපොළ සඳහා අඟල් 12 සිට අඟල් 19 දක්වා ප්‍රමාණයේ පුළුල් ටයර් පෙළක් ද එළිදැක්වීය. මෝටර් රථ ආනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති පසුබිමක බොහෝ වාහන අඟල් 15ට වැඩි ටයර් ප්‍රමාණයකින් යුතු බැවින් අඩු මිලකට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ටයරයක් ලබා ගැනීමේ ප්‍රතිලාභයද එමගින් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ හොරණ පිහිටි නවීනතම නිෂ්පාදන කම්හලේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු මෙම තෙවසර ඇතුළත දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අද්විතීය තරඟකරුවකු ලෙස ෆෙරෙන්ටිනෝ ටයර් වර්ධනය වී ඇත. 



අදහස් (0)

ෆෙරෙන්ටිනෝ රටවල් 38ක වෙළෙඳපොළ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 58 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 44 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 22 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 47 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 523 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1367 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site